Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුමේ හය වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

මෙම ප්‍රකාශනයේ අඩංගු අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන් පිළිබිඹු නො වේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කර ගෙන, කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ.

මෑත කාලීන ප්‍රතිපත්ති තීරණ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරයි

වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා පසුගිය මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හා නියාමන ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතරට, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR) පදනම් අංක 100කින් පියවර දෙකකින් අඩු කිරීම, බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 2.50කින් පහත දමමින් ඒ හරහා මූල්‍ය වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 150ක පමණ අතිරික්ත ද්‍රවශීලතාවක් සැපයීම සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් පිරිනමනු ලබන රුපියල් තැන්පතු පොලී අනුපාතික මත සීමා පැනවීම මගින් එම ආයතනවල මහජන අරමුදල් රැස් කිරීමේ පිරිවැය පහළ දැමීම යනාදිය ඇතුළත් වේ. 

2019 අගෝස්තු මාසයේ දී උද්ධමනය ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ජූලි මාසයේ පැවති සියයට 2.2 හි සිට 2019 අගෝස්තු මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය සහ ආහාර හා ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. මේ අතර, 2019 අගෝස්තු මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට 0.6 සහ සියයට 5.9 ක් ලෙස වාර්තා විය.

"ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2019" ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත-2019" වාර්ෂික ප්‍රකාශනයේ 42 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයෙහි අංශ 14 ක් යටතේ, එනම්, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු  යන අංශයන්ගේ නවතම දත්ත ඇතුළත් වේ.කාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්‍රකාශනයේ සාරාංශ කර ඇති බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී

ඉහත කී සමාගම සම්බන්ධව ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 සැප්තැම්බර් 08 සහ 09 දිනැති පුවත්පත් නිවේදන මගින් දැනුම් දෙන ලදී. සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් එහි ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර තැන්පත්කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නියම කරන ලද්දා වූ කාල රාමුවක් තුල එම ප්‍රාග්ධන වර්ධනය කිරිමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනය වෙත අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව දන්වා සිටීමට කැමැත්තෙමු.

ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ් - 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය එම පනතේ ප්‍රතිපාදනයන් සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩවම කඩ කරමින් / පටහැනි ලෙස කටයුතු කරමින් පැවති අතර ප්‍රාග්ධන ඌණතාවය, වත්කම් වල අඩු ගුණාත්මක මට්ටම, අඛණ්ඩ අලාභ ලැබීම හා කල්පිරුණු විටදී හෝ ඉල්ලා සිටි විටදී තැන්පතු මුදල් ආපසු ගෙවිමට අපොහොසත් වීම හේතුකොට ගෙන ආයතනයේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන හා ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති සමග අනුගත වීම සඳහා ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත අවස්ථා ගණනාවක දී කාලය දීර්ඝ කිරීම් සිදු කරන ලද අතර එසේ වුවද ආයතනයේ පවතින අවධානම් සහගත මූල්‍ය තත්ත්වය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා සාධනීය පියවර ගැනීමට ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අපොහොසත් වී ඇත.

Pages