Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සදහා දණ්ඩන පනවනු ලැබේ- අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම

ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ඵලදායීව සහ ඒකාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛය සහ එයට අතිරේකයක් වශයෙන් 2025.01.01 දිනැති 2025 අංක 01 දරන චක්‍රලේඛය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5ක ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා සහාය වනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම

1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇත.

ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු: ශ්‍රී ලංකා මහ බැංකුව නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සංවිධානය කරනු ලබන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන

2025 වසර සඳහා වන සිය මීළඟ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 මාර්තු මස 22 සහ 23 යන දෙදින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළියේදී පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 පෙබරවාරි

2025 පෙබරවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල  තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.

Pages