ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී 2026 වසරේ පෙබරවාරි 17වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වූවාය. ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සැපිරීම මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී ආචාර්ය ජෝර්ජිවා මහත්මිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හමු වූවාය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, February 17, 2026