කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ණය සහන යෝජනා ක්‍රමය සහ බැංකුවල අනෙකුත් හදිසි ද්‍රවශීලතා අවශ්‍යතා හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (බලපත්‍රලාභී බැංකුවල) ද්‍රවශීලතාවට සහ අනෙකුත් ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් හට සිදු විය හැකි අහිතකර බලපෑම සලකමින්, බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.














