ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් - ගණන් බේරා වසා දැමීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලුම් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(ආ) වන වගන්තිය ප්‍රකාරව, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින්, නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලීමක් කිරීමට සැලැස්වීම සඳහා තීරණය කරන ලදී.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අපොහොසත් වීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018 ජනවාරි 02 දින ආයතනයේ අධ්‍යක්ෂවරුන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, January 12, 2021