Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී වර්ධනයක් පිළිබිඹු කළේය

සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇත. ප්‍රධාන වශයෙන් ස්ථාවර මිල මට්ටම් සහ යහපත් කාලගුණික තත්ත්වයන් මත පවතින හිතකර ආර්ථික වාතාවරණය හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වූ බව වාර්තා කරන ලදී.  

ශ්‍රී ලංකා මහ බැංකුව ‘මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ ප්‍රකාශනය එළි දක්වයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 99(2) වගන්තිය අනුව ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අතිගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත 2025 අප්‍රේල් 29 වන දින පිළිගන්වන ලදි.

ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස (GSDR) සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී වෙති

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්.  සිරිවර්ධන මහතා,  වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදල) සහ ලෝක බැංකු සමූහයේ වසන්ත රැස්වීම්වලට සමගාමීව, 2025 අප්‍රේල් 23 වන දින පැවැත් වූ ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව සඳහා සහභාගී වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

2025 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි

වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය.

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරයි

ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිව්වන සමාලෝචනයට පාදක වන ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිපත්ති පිළිබඳව ජා.මූ. අරමුදලේ කාර්යමණ්ඩල කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වීය.

ගෝලීය අවිනිශ්චිතතාව තවමත් ඉහළ මට්ටමක පවතින අතර එය මූල්‍ය වෙළඳපොළ අස්ථාවරත්වයට දායක වේ. රජය වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින අතර, ඒවා ක්‍රියාත්මක කිරීම ශක්තිමත් සහ ප්‍රශංසනීය වන නමුත් බාහිර කම්පනයෙන් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම තක්සේරු කිරීමට තවත් කාලයක් අවශ්‍ය වේ.

Pages