ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආර්ථිකයේ අවධමන තත්ත්වය ලිහිල්වීම ඇරඹුණි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, අඛණ්ඩව හත්වන මාසයටත් අවධමන කලාපයෙහි පැවතුනද, 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.2ක අවධමනයට සාපේක්ෂව 2025 මාර්තු මාසයේ දී සියයට 2.6ක පහළ අවධමනයක් වාර්තා කළේය.