මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සාමෘද්ධි කාර්යාලය සමග ඒකාබද්ධව මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන" 2018 නොවැම්බර් මස 14 වන දින පෙ.ව. 09.00 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

අධ්‍යාපනික වැඩසටහන" - බලංගොඩ කොටවෙහෙරමංකඩ මහ විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බලංගොඩ කොටවෙහෙරමංකඩ මහ විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 නොවැම්බර් මස 05 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසු සිසුවියන් 32 ක් සහභාගී වූහ.

"අධ්‍යාපනික වැඩසටහන" - බලංගොඩ උඩගම මහා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බලංගොඩ උඩගම මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 ඔක්තෝබර් මස 26 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසු සිසුවියන් 83 ක් සහභාගී වූහ.

"ව්‍යාජ නෝට්ටු, චෙක්පත් අක්‍රමිකතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යයන්" පිළිබඳ දැනුවත් කිරී‍මේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා සංවිධානය කරන "ව්‍යාජ නෝට්ටු, චෙක්පත් අක්‍රමිකතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යයන්" පිළිබඳ දැනුවත් කිරී‍මේ වැඩසටහන 2018 නොවැම්බර් මස 09 වන දින පෙ.ව. 09.00 සිට මාතර හේමාලී උත්සව ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

"තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - කිරිඇල්ල

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිය

විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ වෙසෙන සමෘද්ධි ප්‍රජාව හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 මැයි මස 08 වන දින පෙ.ව. 09.00 සිට තිහගොඩ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.

"මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - ගාල්ල

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩල කාර්යාලය සමග ඒකාබද්ධව හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිශ්චල දේපල නිය

Pages