‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද ‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 15 වැනි දින වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 149ක පිරිසක් සහභාගී වූහ.

‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද ‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 13 වැනි දින බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි.

"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ " ණය හා ණයගැතිභාවය වැලැක්වීම " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ "ණය හා ණයගැතිභාවය වැලැක්වීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 07 වන දින පෙ.ව. 09.00 සිට හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රදේශීය කළමනාකරු මිගාර හඳුන්ගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු එම්. පී. අනුර මහතා විසින් සම්පත්දායකත්වය ලබා දෙනු ලැබේ.

"ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර යාත්‍රා හිමිකරුවන් සඳහා සංවිධානය කරන ලද "ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන " 2019 පෙබරවාරි මස 08 වන දින තංගල්ල ධීවර වරායේ දී හා තංගල්ල තානායම් පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 26 ක් සහභාගී වූහ.

"අන්තර්ජාල අලෙවිකරණ උපක්‍රම පිළිබඳ සාකච්ඡාව"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිගම මිරිස්ස සංචාරක කලාපයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ හෝටල් හිමියන් සඳහා සංවිධානය කරන ලද "අන්තර්ජාල අලෙවිකරණ උපක්‍රම පිළිබඳ සාකච්ඡාවක්" 2019 පෙබරවාරි මස 26 වන දින Weligama Bay Marriott Resort & Spa හෝටලයේ දී සාර්ථකව පැවැත්විණි.

A training programme on 'Online Hotel Booking, Food & Beverage and Bedroom Arrangement'

A training programme on "Online Hotel Booking, Food & Beverage and Bedroom Arrangement"  organised by the Regional Office Matara, Central Bank of Sri Lanka for the micro and small scale hoteliers in the tourism areas of Mirissa and Weligama was successfully held on 25th February 2019 at the Hotel Twenty Two Binaweli.  79 entrepreneurs participated for the programme. The resource persons for the programme were provided by Booking.com Company and Twenty Two Weligambay Hotel. 

ව්‍යපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ව සිටින සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන 'ව්‍යපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පුහුණු වැඩසටහන' 2019 පෙබරවාරි මස 28 වන දින පෙරවරු 8.30 සිට මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය සපයා දෙනු ලැබේ.

"ව්‍යාපෘති වාර්තා සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන් සහ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාපෘති වාර්තා සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස 12 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

"අන්තර්ජාල අලෙවිකරණ උපක්‍රම" පිළිබඳ සාකච්ඡාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිගම මිරිස්ස සංචාරක කලාපයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ හෝටල් හිමියන් සඳහා සංවිධානය කරන "අන්තර්ජාල අලෙවිකරණ උපක්‍රම පිළිබඳ සාකච්ඡාවක්" 2019 පෙබරවාරි මස 26 වන දින ප.ව. 08.30 සිට Weligama Bay Marriott Resort & Spa හෝටලයේ දී පැවැත්වේ. Booking.com ආයතනය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබේ.

"අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කිරීම, ආහාරපාන සහ නිදන කාමර සකස් කිරීම" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිගම මිරිස්ස සංචාරක කලාපයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ හෝටල් හිමියන් සඳහා සංවිධානය කරන "අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කිරීම, ආහාරපාන සහ නිදන කාමර සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන" 2019 පෙබරවාරි මස 25 වන දින ප.ව. 08.30 සිට වැලිගම, Twenty Two Binaweli හෝටලයේ දී පැවැත්වේ. "Booking.com" ආයතනය සහ "Twenty Two Weligambay" හෝටලය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබේ.

Pages