විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බෙන්තොට රන්තොටුවිල සමෘද්ධි ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අප්‍රේල් මස 04 වන දින බෙන්තොට මහ ඌරගහ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 164 ක ප්‍රජාවක් සහභාගී විය.

නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලය සමග ඒකාබද්ධව දකුණු පළාතේ බතික් හා ආහාර නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයන්  සඳහා සංවිධානය කරන ලද "නවීන තාක්ෂණික වැඩසටහන" 2018 මාර්තු මස 26 වන දින තිහගොඩ විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී සාර්ථකව පැවැත්

අනවසර මුදල් තැන්පතු භාර ගැනීම සහ නීති විරෝධී මූල්ය ආයතන සම්බන්ධයෙන් ඇති නීතිමය රාමුව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රජයේ නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලබන 'අනවසර මුදල් තැන්පතු භාර ගැනීම සහ නීති විරෝධී මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ඇති නීතිමය රාමුව' පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජනවාරි මස 10 වන දින පෙරවරු. 8.30 සිට පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

 

Programme on 'Customer Service'

Programme on 'Customer Service' organised by the Regional Office Matara, Central Bank of Sri Lanka for entrepreneurs in Hambantota District. The programme will be held on 23rd November 2017 at 9.00 am at the Tangalle Divisional Secretariat.

Pages