විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බෙන්තොට රන්තොටුවිල සමෘද්ධි ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අප්‍රේල් මස 04 වන දින බෙන්තොට මහ ඌරගහ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 164 ක ප්‍රජාවක් සහභාගී විය.