"අධ්‍යාපනික වැඩසටහන" - අම්බලන්තොට මාමඩල මහා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්බලන්තොට මාමඩල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසු සිසුවියන් 50ක් සහභාගී වූහ.

මධ්‍යම පරිමාණ තේ වැවිලිකරුවන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන"

පහතරට තේ වැවිලිකරුවන්ගේ සංගමය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මධ්‍යම පරිමාණ තේ වැවිලිකරුවන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන" 2018 ජූලි මස 31 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

"ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය" - අකුරැස්ස

DFCC බැංකුවේ අකුරැස්ස ශාඛාව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අකුරැස්ස ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පවත්වන ලද "ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය" පිළිබඳ වැඩසටහන 2018 අගෝස්තු මස 03 වන දින අකුරැස්ස උරුවෙල තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

පහතරට තේ වැවිලිකරුවන්ගේ සංගමය සමඟ ඒකාබද්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මධ්‍යම පරිමාණ තේ වැවිලිකරුවන් සඳහා සංවිධානය කරන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන 2018 ජූලි මස 31 වන දින පෙරවරු 9.00 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සාමාන්‍ය ජනතාව සඳහා සංවිධානය කරන ලද මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජූලි මස 23 වැනි දින අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 114ක පිරිසක් සහභාගී වූ හ.

කිතුදෙව් ශිල්ප ප්‍රභා - 2018

ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය, බද්දේගම විසින්  2018 ජූලි මස 8 සහ 9 යන දිනයන්හි දී සංවිධානය කරනු ලැබූ "කිතුදෙව් ශිල්ප ප්‍රභා - 2018" අධ්‍යාපනික ප්‍රදර්ශන‍ය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය මහ බැංකු ප්‍රකාශන ප්‍රදර්ශන කුටියක් සාර්ථක ව පවත්වනු ලැබී ය. පාසල් ගුරු මහත්ම මහත්මීන්, පාසල් දරුවන් හා මහජනතාව 1,000 කට අධික පිරිසක් එම ප්‍රදර්ශන කුටිය නරඹනු ලැබූ හ.

නව දේශීය ආදායම් පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය සමඟ ඒකාබද්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් හා කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද නව දේශීය ආදායම් පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජූලි මස 18 වැනි දින රුහුණ විශ්වවිද්‍යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 274ක පිරිසක් සහභාගී වූ හ.

GMP සහ SLS තත්ත්ව සහතික ලබා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "GMP සහ SLS තත්ත්ව සහතික ලබා ගැනීම" පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජූලි මස 20 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 57 දෙනෙකු සහභාගී වූ හ.

Pages