"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - ලුණුගම්වෙහෙර

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ වෙසෙන සමෘද්ධි ප්‍රජාව හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ ම

ගිණුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග ඒකාබද්ධව ගාල්ල දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "ගිණුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන" 2018 මැයි මස 23 වන දින පෙ.ව. 09.00 සිට ගාල්ල සණස අධ්‍යාපන මණ්ඩප ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ගිණුම්තැබීම පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග ඒකාබද්ධව ගාල්ල දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ගිණුම්තැබීම පිළිබඳ පුහුණු වැඩසටහන" 2018 මැයි මස 23 වන දින ගාල්ල සණස අධ්‍යාපන මණ්ඩප ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 42ක් සහභාගී විය.

"පිබිදෙන විජය - 2018" - හ/විජය ජාතික‍ පාසල, ගැටමාන්න

හ/විජය ජාතික‍ පාසල - ගැටමාන්න  විසින්  2018 මැයි මස 24 සහ 25 යන දිනයන් හි දී සංවිධානය කරනු ලැබූ "පිබිදෙන විජය - 2018", අධ්‍යාපනික ප්‍රදර්ශනයෙහි ‍ප්‍රකාශන ප්‍රදර්ශන කුටියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සාර්ථකව පවත්වනු ලැබීය. පාසල් ගුරු මහත්ම මහත්මීන්, පාසල් දරුවන් හා මහජනතාව 500 කට අධික පිරිසක් අප ‍ප්‍රකාශන ප්‍රදර්ශන කුටිය නරඹනු ලැබීය.

"කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර හා ගාල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ධීවර අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ බැංකුකරුවන් සඳහා සංවිධානය කරන "කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 04 වන දින පෙ.ව.

"2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ  ගුරුවරුන් හා රුහුණු විශ්ව විද්‍යාලයීය දේශකවරුන් හා සිසු සිසුවියන්  සඳහා සංවිධානය කරන "2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 05 වන දින පෙ.ව. 09.00 සිට රුහුණු විශ්ව විද්‍යාලයීය මානව හා සමාජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, ආචාර්ය ආර්.ඒ.

කිරි ගොවින් සඳහා සංවිධානය කරන ක්ෂේත්‍ර චාරිකාව - පන්නල

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දකුණු පළාත් කිරි ගොවින් සඳහා සංවිධානය කරන ක්ෂේත්‍ර චාරිකාව 2018 ජූනි මස 07 වන දින පෙ.ව. 09.00 සිට පන්නල, ෆොන්ටෙරා ආදර්ශන හා පුහුණු ගොවිපළේ දී පැවැත්වේ.

අධ්‍යාපනික වැඩසටහන - කර‍න්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කර‍න්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

Pages