ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 18 වන දින පෙ.ව. 09.00 සිට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.









ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "පාවහන් නිෂ්පාදනය" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 ජනවාරි මස 30 වන දා සිට 2019 පෙබරවාරි මස 01 වන දින දක්වා අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.