ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 15 වන දින පෙ.ව. 09.00 සිට වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.








