Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 අගෝස්තු

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 අගෝස්තු මාසය තුළ දී දර්ශකාංක 51.4 ක අගයක් වාර්තා කරමින් එයට පෙර මාසයේ පැවති සැලකිය යුතු ඉහළ මට්ටමේ සිට අඩු වේගයකින් වුවද ඉහළ ගියේය. තවද, පෙර මාසයට සාපේක්ෂව ඉදිකිරීම් කර්මාන්තයේ මෙහෙයුම් බොහෝ දුරට නොවෙනස්ව පැවති බව පෙන්නුම් කරමින් අනෙකුත් බොහෝ දර්ශක ද කඩඉම් මට්ටම ආසන්නයේ පැවතුණි.

"ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත - 2024" ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2024" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 සැප්තැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය.

2024 සැප්තැම්බර් 23 වන දින බැංකු කටයුතු පවත්වාගෙන යෑම

රජය විසින් 2024-09-23 දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් කරන ලද දැනුම් දීම පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිකුත් කරන ලද 2024-09-21 දිනැති විශේෂ ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - අගෝස්තු 2024

2024 අගෝස්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 අගෝස්තු මාසයේ දී  දර්ශකාංක 55.5ක් වාර්තා කරමින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩයිම් මට්ටමට වඩා ඉහළ අගයක් වාර්තා කරන ලදී.

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා අදාළ කාල සීමාව ලිහිල් කිරීම

සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති" නිකුත් කරන ලද  අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

Pages