Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 පෙබරවාරි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M2b) 2014 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 13.4 හා සැසඳීමේ දී 2015 දෙසැම්බර් මාසයේ දී සියයට 17.8ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂික වර්ධනය තවදුරටත් ඉහළ යමින් 2014 වසරේ දෙසැම්බර් පැවැති සියයට 8.8ක වර්ධනයට සාපේක්ෂ ව 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 25.1ක් විය. 2015 වසර තුළ දී පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ සමස්ත වැඩිවීම 2014 වසරේ පැවැති රුපියල් බිලියන 223.9 හා සාපේක්ෂ ව රුපියල් බිලියන 691.4 ක් විය. 

2015 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

අපනයන ආදායමේ සිදු වූ අඩු වීමට වඩා ඉහළ වේගයකින් ආනයන වියදම පහළ යෑම හේතුවෙන් 2015 දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය 2014 වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව අඩු විය. සංචාරක ඉපැයීම් අඛණ්ඩ ව වර්ධනය වූ නමුත් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනය මන්දගාමී විය. මෑතක දී සිදු කරනු ලැබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවේ ලැබීම් සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ශක්තිමත් විය.

නව නියෝජ්‍ය අධිපතිවරයකු පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සුනිල් ලංකාතිලක මහතා 2016 ජනවාරි 24 වැනි දින සිට එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුර සඳහා ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව මුදල් මණ්ඩලය විසින් පත් කර ඇත. 

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජනවාරි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M2b) පෙර මාසයේ වාර්තා වූ සියයට 17.0 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 17.2 ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. 2015 ඔක්තෝබර් මස 27 වැනි දින නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය තුළින් වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ලැබීම් හේතුවෙන් නොවැම්බර් මාසයේ දී බැංකු අංශයේ ශුද්ධ විදේශීය වත්කම් වර්ධනය විය. මෙම ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුව හේතුවෙන් 2015 නොවැම්බර් මාසයේ දී රජය විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප්‍රමාණය අඩු වූ අතර රාජ්‍ය සංස්ථා විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයේ ද අඩු වීමක් දක්නට ලැබිණ. මේ අතර පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට තුඩු දෙන ප්‍රධාන සාධකයක් වන වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2015 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 26.3 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 27.0 ක් විය. එ මෙන් ම වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ මාසික ඉහළ යෑම රුපියල් බිලියන 91.2 ක් වූ අතර 2015 පළමු මාස එකොළහ තුළ සමස්ත වැඩිවීම රුපියල් බිලියන 647.7 ක් විය. 

2015 දෙසැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.8 හි සිට 2015 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා පහළ ගියේ ය. 2015 දෙසැම්බර් මස වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය සියයට 3.8 කි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නුවරඑළියට ප්‍රාදේශීය කාර්යාලයක්

ග්‍රාමීය ආර්ථික කටයුතුවලට පහසුකම් සැලසීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රාදේශීය ව කටයුතු කිරීම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් 2016 ජනවාරි මස 17 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නුවරඑළියේ ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කරන ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ නිලධාරීන් මෙන් ම වාණිජ බැංකුවල සහ රජයේ ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරනු ලබයි. 

Pages