Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

IMF Reaches Staff Level Agreement with Sri Lanka on Three-Year $1.5 Billion EFF

End-of-Mission press releases include statements of IMF staff teams that convey preliminary findings. The views expressed in this statement are those of the IMF staff and do not necessarily represent the views of the IMF’s Executive Board. Based on the preliminary findings of this mission, staff will prepare a report that, subject to management approval, will be presented to the IMF's Executive Board for discussion and decision.

Following discussions held between IMF staff and the Sri Lankan authorities during the 2016 Spring Meetings in Washington, staff-level agreement was reached on a three-year program to be supported by the IMF’s Extended Fund Facility (EFF).

Mr. Todd Schneider, IMF mission chief for Sri Lanka, made the following statement:

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අප්‍රේල්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 2.7 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා අඩු විය. මීට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ ආහාර මිල ගණන් තුළින් ඇති වන උද්ධමනය පහළ යෑමයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 0.9 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 1.7 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 2.2ක අගයක් වාර්තා කළ අතර එය වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.6ක් ලෙස සටහන් විය. මේ අතර ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩන පිළිබිඹු කරනු ලබන මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 5.7 සිට 2016 මාර්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේ ය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් පිළිගැන්වූ අතර 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ද පිළිගන්වන ලදි.

2016 මාර්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරි‍භෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ දී වාර්තා කළ සියයට 1.7 හි සිට 2016 මාර්තු මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. විවිධ භාණ්ඩ හා සේවා (මෝටර් රථ රක්ෂණය); මධ්‍යසාර පාන හා දුම්කොළ; ප්‍රවාහන; සහ රෙදිපිළි හා පාවහන් උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් මෙම ලක්ෂ්‍යමය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 පෙබරවාරි මස වාර්තා වූ සියයට 2.6 හි සිට 2016 මාර්තු මස දී සියයට 2.4 දක්වා පහළ ගියේ ය. 

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද භාණ්ඩ සඳහා ලද ගෙවීම් නැවත මෙරටට රැගෙන ඒම

රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩිදියුණු කිරීම සඳහා වර්තමානයේ ගනු ලබන ප්‍රතිපත්තිමය පියවරයන්හි කොටසක් වශයෙන් ගරු මුදල් අමාත්‍යවරයා විසින් පහත කරුණු අඩංගු අංක 19600/66 දරන 2016 අප්‍රේල් 1 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා වෙයි

රටක සංචාරය අවසන් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයේ හෝ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

Pages