ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් සහ ශ්‍රී ලංකාවේ මුදල් ඇමති මංගල සමරවීර හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අතර හමුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද දිනයේ දී හමු වූවා ය.

එම හමුවෙන් අනතුරු ව ලගාඩ් මහත්මිය පහත  ප්‍රකාශය නිකුත් කළා ය:

“අමාත්‍ය සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කුමාරස්වාමි හමුවීමට ලැබීම ගැන මම සතුටට පත් වූයෙමි. රටෙහි පවතින අභියෝගාත්මක ආර්ථික පරිසරය සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳ ව අපි සාකච්ඡා කළෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහිත වැඩසටහන යටතේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳ ව එහි දී අවධාරණය කෙරුණි.”

“එම න්‍යාය පත්‍රය ඵලදායී අයුරින් ක්‍රියාත්මක කර ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසාර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට

ශ්‍රී ලංකාව යොමු කළ හැකි බවටත්, එය විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන සාධකයක් වන බවටත් එකඟ විය”.

“මෙම ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් ව සිටින අතර‍, විස්තීරණ ණය පහසුකම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් පෙබරවාරි මස මැද භාගයේ දී කොළඹ සංචාරය කිරීමට නියමිත ය.”

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුවත්පත් නිවේදන අංක 19/04  

 

https://www.imf.org/en/News/Articles/2019/01/15/pr1904-stmnt-christine-lagarde-meet-sri-lanka-fin-min-mangala-samaraweera-gov-indrajit-coomaraswamy

 

 

 

 

 

Published Date: 

Wednesday, January 16, 2019