ප්‍රාදේශීය කාර්යාලය - නුවරඑළිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 අගෝස්තු 17 වන දින “ඩිජිටල් අලෙවිකරණය සමඟ ඔබේ ව්‍යාපාරය නව මානයකට” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. සාම්ප්‍රදායික ක්‍රම අතික්‍රමණය කරමින් වඩා ආකර්ශණීයව හා පාරිභෝගිකයාට සරිලන පරිදි වඩා ලාභදායී ලෙස අලෙවිකරණ කටයුතු සිදුකිරීම සඳහා ඩිජිටල් ක්‍රම යොදාගත හැකි ආකාරය පිළිබඳව රට පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවායක ප්‍රජාව දැනුම්වත් කිරීම මෙහි අරමුණ විය.

මෙම වෙබ් සම්මන්ත්‍රණය “Zoom” සහ ෆේස්බුක් (Facebook) යෙදවුම් ඔස්සේ සාර්ථකව පවත්වන ලද අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවි කළමණාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්. අමින්ද ලක්මාල් මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

වැඩසටහන නැවත නැරඹීම සඳහා සබැඳිය : https://fb.watch/7_wAt80ZpT/

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 අගෝස්තු 02 වන දින “කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර පවත්වා‌ගෙන යා යුතුතේ කෙසේද?” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම හා එම අභියෝග ජයගැනීම සඳහා විවිධ උපායමාර්ගයන් යොදාගැනීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව මඟපෙන්වීමක් ලබාදීම මෙහි අරමුණ විය.

මෙම වෙබ් සම්මන්ත්‍රණය “Zoom” සහ ෆේස්බුක් (Facebook) යෙදවුම් ඔස්සේ සාර්ථකව පවත්වන ලද අතර, සණස සංවර්ධන බැංකුවේ මධ්‍යම පළාත් ප්‍රධාන කළමණාකරු බී.ඩබ්ලිව්.එස්. ප්‍රේමරත්න මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

වැඩසටහන නැවත නැරඹීම සඳහා සබැඳිය: https://www.youtube.com/watch?v=DChNVjafmqA&t=238s

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් 2021 ඔක්තොම්බර් මස 07 වන දින "මූල්‍ය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව" යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව සහ එය ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය සමාගම් විසින් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙම සම්මන්ත්‍රණ‍යේ ප්‍රධාන අරමුණ විය. මෙම වෙබ් සම්මන්ත්‍රණය “Zoom” යෙදවුම ඔස්සේ සාර්ථකව පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඩී.එස්. ජයනෙත්ති සහ එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්.පී.එන්.ඩී. සේනාධීර යන මහත්මීන් විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 ඔක්තෝම්බර් 1 වන දින “මූල්‍ය පාරිභෝගික ආරක්‍ෂාව සහ පාරිභෝගික පැමිණිලි කළමනාකරණය” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මූල්‍ය පාරිභෝගික ආරක්‍ෂණ රාමුව පිළිබඳ රාමුව සහ ඒ අනුව ක්‍රියාත්මක වීමේදී මූල්‍ය පාරිභෝගිකයින් සතු වගකීම් පිළිබඳව පුළුල් අවබෝධයක් මහජනතාව වෙත ලබාදීම අවබෝධයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම වෙබ් සම්මන්‍ත්‍රණය “Zoom” යෙදවුම ඔස්සේ සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ යානක රණවීර මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

Pages