ප්‍රාදේශීය කාර්යාලය - නුවරඑළිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 සැප්තැම්බර් මස 28 වන දින "මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමුව සහ ජාතික නීති රාමුව, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ එහි ප්‍රතිවිපාක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යයන් පිළිබඳව පුළුල් අවබෝධයක් මහජනතාව වෙත ලබා දීම මෙම සම්මන්ත්‍රණ‍යේ ප්‍රධාන අරමුණ විය. මෙම සම්මන්ත්‍රණය “Zoom” යෙදවුම ඔස්සේ සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර අධ්‍යක්ෂ සජනි චන්ද්‍රසේකර මෙනවිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 සැප්තැම්බර් මස 29 වන දින "සාර්ථක ව්‍යවසායකයෙකු වීමේ මඟ” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. සමාජ ව්‍යවසායකත්වය, ව්‍යවසායකත්ව අදහස් උත්පාදනය, සමාජ ව්‍යවසායන් සැලසුම් කිරීම සහ මෙන්ම සමාජ ව්‍යවසායක් ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් මහජනතාව සහ ව්‍යවසායක ප්‍රජාව වෙත ලබා දීම මෙම සම්මන්ත්‍රණ‍යේ ප්‍රධාන අරමුණ විය. මෙම වෙබ් සම්මන්ත්‍රණය “Zoom” යෙදවුම ඔස්සේ සාර්ථකව පවත්වන ලද අතර ඒ සඳහා ලංකා සෝෂල් වෙන්චර්ස් (Lanka Social Ventures) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලලිත් වෙලමැදගේ මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 සැප්තැම්බර් 29 වන දින "ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීමේ ක්‍රම" යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ වර්තමාන සහ නව ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳව මහජනතාව වෙත අවබෝධයක් ලබා දීම මෙම සම්මන්ත්‍රණ‍යේ ප්‍රධාන අරමුණ වූ අතර, ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීම මඟින් එදිනෙදා ජීවිතය පහසු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට සහභාගී වූ පිරිස් වෙත අවස්ථාව උදාවිය. මෙම වෙබ් සම්මන්ත්‍රණය “Zoom” යෙදවුම ඔස්සේ සාර්ථකව පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කාංචනා අඹගහවිට මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

Pages