Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව, මහ බැංකුව 2025 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන්ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම ඒවායේ පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක්, සපයයි. මෙම වාර්තාව හරහා මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරයි.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජූනි මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුව ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව - 2025 ජුනි’ ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය තුන්වන වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව 2025 වසරේ ජූලි මස 31වන දින  නිකුත් කළේය. නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය යටතේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව උපයෝගී කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි.

2025 ජූලි මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය තවදුරටත් පහළ යයි

අවධමන තත්ත්වය අඛණ්ඩව පස්වන වරටත් 2025 ජූලි මාසයේ දී ලිහිල් විය. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 0.6ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 ජූලි මාසයේ දී සියයට 0.3ක සුළු අවධමනයක් වාර්තා කළේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 ජූනි

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මුල් භාගයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වීමක් හමුවේ වුවද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරමින් ශක්තිමත්ව පැවතුණි.

2025 ජුනි මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් වාර්තා විය

ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  2025 ජුනි මාසයේ දී දර්ශකාංක 58.6ක් ලෙස වාර්තා විය. ව්‍යාපෘතිවල සිදු වූ ධනාත්මක වර්ධනය මෙන්ම ස්ථාවර මිල මට්ටම් තුළින්  පෙන්නුම් කළ පරිදි, ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය මේ සඳහා විශේෂයෙන්ම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

Pages

නිවේදන