මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.















