ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර ඩොලර් මිලියන 150 මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා අත්සන් තබනු ලැබීය. මීට සමගාමීව, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විධි විධාන සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ව්‍යාපෘති ගිවිසුමටද ඇතුලත් වී ඇත.
මෙහි ව්‍යාපෘති සංවර්ධන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය(SLDIS) කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමයි. තැන්පතු රක්ෂණයෙහි ඵලදායීතාවය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහලම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මූල්‍ය හා ආයතනික ධාරිතාව ඉහල නැංවීමද ව්‍යාපෘතියෙහි අරමුණ වේ.
මෙම මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියෙහි නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි.. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධි විධාන) පනත බලාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණ ක්‍රමය නීත්‍යානුකූලව ස්ථාපිත කර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය ලෙස නම් කර ඇත.