Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - 2024 ජනවාරි

2024 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා යාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 55.6ක් වාර්තා කරන ලදී.  මෙම වර්ධනය සඳහා සියලුම  උප-දර්ශකයන්ගේ දක්නට ලැබුණු ඉහළ යෑම හේතු විය.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 60.1ක් වාර්තා කළ අතර, එමගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළේය

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය වෙත නව සාමාජිකයන් දෙදෙනෙකු පත් කෙරේ

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලය පිහිටුවා ඇත.

පාලක මණ්ඩලය

මෙම පාලක මණ්ඩලය එහි සභාපති ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඒ. එන්. ෆොන්සේකා මහතා (පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස අඛණ්ඩ ව කටයුතු කළ, 2022.07.27 සිට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජික), ආචාර්ය රවී රත්නායක (2023.09.21 දින පත් කළ), අනුෂ්ක එස්. විජේසිංහ (2023.09.21 දින පත් කළ) සහ විශ් ගෝවින්දසාමි (2023.10.26 දින පත් කළ) යනාදීන්ගෙන් සමන්විත වේ. තවද, මෙම පාලක මණ්ඩලය වෙත රජීව් අමරසූරිය මහතා සහ මනිල් ජයසිංහ මහතා පත් කිරීම් මෙමගින් දැනුම් දෙන්නෙමු. පාලක මණ්ඩලය වෙත පත් කළ නව සාමාජිකයන්ගේ විස්තර පහත පරිදි ය:

නිත්‍ය පහසුකම මත පනවා ඇති සීමා ලිහිල් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විවට වෙළඳපොළ කටයුතු යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා සපයනු ලබන නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීම සීමා කරන ලදී. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම සඳහා ප්‍රවේශ වීම දිනදර්ශිත මාසයක වාර පහක (05) උපරිමයකට සීමා වූ අතර, බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ලබා දෙන නිත්‍ය ණය පහසුකම අදාළ දිනයකදී ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90 කට සීමා කරන ලදී. මහ බැංකුව විසින් ලබාදෙනු ලබන එක් දින නිත්‍ය පහසුකම මත පැවති ඉහළ රැඳියාව අඩු කිරීම මෙන්ම, දේශීය මුදල් වෙළඳපොළ තුළ, විශේෂයෙන්ම සැලකිය යුතු කාලයක් අක්‍රීයව පැවැති ඒක්ෂණ මුදල් වෙළඳපොළ සක්‍රීය කරවීම සඳහා සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඔවුන්ගේ ද්‍රවශීලතා කළමනාකරණය සම්බන්ධයෙන් පැවැති දුර්වලතා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම සඳහා පෙළඹවීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඩොලර් මිලියන 150 ක මූල්‍ය පහසුකමක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර ඩොලර් මිලියන 150 මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා අත්සන් තබනු ලැබීය. මීට සමගාමීව, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විධි විධාන සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ව්‍යාපෘති ගිවිසුමටද ඇතුලත් වී ඇත.

මෙහි ව්‍යාපෘති සංවර්ධන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය(SLDIS) කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමයි. තැන්පතු රක්ෂණයෙහි ඵලදායීතාවය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහලම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මූල්‍ය හා ආයතනික ධාරිතාව ඉහල නැංවීමද ව්‍යාපෘතියෙහි අරමුණ වේ. 

මෙම මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියෙහි නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි.. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධි විධාන) පනත බලාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණ ක්‍රමය නීත්‍යානුකූලව ස්ථාපිත කර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය ලෙස නම් කර ඇත.

පාලක මණ්ඩලය විසින් නව සහකාර අධිපතිවරු සය දෙනෙක් පත් කෙරෙති

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් 2024 ජනවාරි 19 වන දින පැවති රැස්වීමේ දී ආචාර්ය සී. අමරසේකර, ඩබ්ලිව්. ඒ. දිල්රුක්ෂිනී මහත්මිය, ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර, ඩී.එස්. ඩබ්ලිව්. සමරතුංග මහත්මිය, ඊ. එච්. මොහොට්ටි මහත්මිය සහ ආර්. ඩී. ටී. ගුණසේකර මහත්මිය යන අය 2024 ජනවාරි 22 වන දින සිට සහකාර අධිපති ධුරයට උසස් කරන ලදී.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 දෙසැම්බර්

2023 වසරේ වෙළඳ ගිණුමේ හිඟය 2010 වසරින් පසු වාර්තා වූ අවම වෙළඳ හිඟය වූ අතර, ඒ සඳහා අපනයන ආදායම පහළ යෑමට වඩා වැඩි අගයකින් ආනයන වියදම පහළ යෑම දායක විය.

2022 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, ආනයන සීමා කිරීම් මෑත කාලීනව ලිහිල් කිරීම හමුවේ වුවද, ආනයන අඛණ්ඩව පහළ මට්ටමක පැවතුනි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 6ක පමණ ශක්තිමත් මට්ටමක් වාර්තා කළ අතර 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මාසික අගය 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා විය.

සංචාරක පැමිණීම්වල කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් 2023 වසර සඳහා වූ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 2ක් ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන 2023 වසරේ දී ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

Pages