Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2026 ජූලි

2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජූලි මාසයේ දී 55.0ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය. 

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන් ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව මගින් මහ බැංකුව, සිය මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණවලට පාදක වූ මූලික කරුණු සන්නිවේදනය කරමින්, සිය විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා විසින් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් මෑතක දී මාධ්‍යවල පළ වූ වාර්තා පිළිබඳ ව පැහැදිලි කිරීම

මෑතක දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කර දක්වා ඇති අතර, ඉන් අනතුරුව එය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් ද වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත. 

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “TM App” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත. 

‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ ශ්‍රී ලංකා මහ බැංකුව යාපනය ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 අගෝස්තු මස 07 සහ 08 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 7.00 දක්වා යාපනය කාර්ගිල්ස් චතුරශ්‍රයේදී (Cargills Square) ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේතනායහන් මහතා සහභාගී වීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා, බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන ලංකාපේ (පුද්ගලික) සමාගම (ලංකාපේ) නියෝජනය කරන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා මහ බැංකුව ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව - 2026 ජුනි’ ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක සහය ඇතිව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි. 

Pages