Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉඩම් තක්සේරු දර්ශකය - 2024 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවන භාගයේ දී 236.8 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7 ක වැඩි වීමකි. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, 9.4ක සහ 3.9ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක විය. අර්ධ වාර්ෂික පදනමින්, එනම්, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇත. ඉහළම වර්ධනය නේවාසික අනු දර්ශකය මගින් නිරීක්ෂණය වූ අතර, අනුපිළිවෙළින්, වාණිජ හා කාර්මික අනු දර්ශක ද වර්ධනය වී ඇත. 

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, 'මුදල්', 'මුල්‍යකරණය' හෝ 'මුල්‍ය' යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 ජනවාරි

2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තා වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරන අතර, මෙවර  නිකුතුවේ අන්තර්ගතය 2025 වසරේ  ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ 3වන අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ වීමට නියමිතය. මූල්‍ය කාර්ය සාධක බලකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතාව මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11 ක් හරහා ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කෙරෙන බව මෙම අන්‍යොන්‍ය ඇගයීම තුළ දී ශ්‍රී ලංකාව විසින් පෙන්නුම් කළ යුතුය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2025 ජනවාරි මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව පස්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් වාර්තා කළේය.

Pages