Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, 5% ක උද්ධමන ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථික වර්ධනය සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය2025  ජූලි 09 වන දින ලක්සම්බර්ග් හි පැවති එග්මන්ට් සමූහයේ 31 වන සමුළුවේ දී, ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත මූලික වැරදි සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම මගින් පහසුකම් සපයයි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 ජුනි

2025 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතිය - 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩ ව කඩ කරමින්/පටහැනි ව ක්‍රියා කරමින් පැවතුණි. තව ද, ප්‍රාග්ධණ ඌණතාව, වත්කම්වල අඩු ගුණාත්මක බව, අඛණ්ඩ අලාභ ලැබීම් සහ කල්පිරුණු විට දී හෝ ඉල්ලා සිටි විට දී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට අපොහොසත් වීම හේතු කොට ගෙන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී ඇත.

Pages

නිවේදන