Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධන) 83C වගන්තිය යටතේ තහනම් යෝජනා ක්‍රම වැලැක්වීමට අදාල ප්‍රගතිය

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන සීඝ්‍රයෙන් ඉහළයන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිගාමී පියවරයන් රැසක් ගෙන ඇත. පුද්ගලයන් හෝ ආයතනයන් බැංකු පනතේ 83ඇ(1) වගන්තියේ විධිවිධාන උල්ලංඝණය කර ඇත්තේද හෝ එසේ උල්ලංඝණය කිරීමට උත්සාහ කර ඇත්තේද යන්න තීරණය කිරීමට බැංකු පනතේ 83ඇ(3) වගන්තිය යටතේ විමර්ශන පැවත්වීම මෙම පියවරයන්ට ඇතුලත්වේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 නොවැම්බර්

2024 නොවැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී 53.3 ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලුම උප දර්ශක ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දහතුන්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධානතම පර්යේෂණ සමුළුව වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දහතුන්වැනි වරටත් 2024 වසරේ දෙසැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. වර්තමානයේ පවතින විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම මෙම සමුළුවේ අරමුණ විය. විවිධ විෂය පරාසයන් නියෝජනය කරන පර්යේෂකයන්ගේ අදහස්, සොයාගැනීම් සහ අත්දැකීම් විවිධ මානයන් ඔස්සේ සාකච්ඡා කිරීමට මෙමගින් වේදිකාවක් සැපයිණි. කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන්, 2019 වසරෙන් පසුව ප්‍රථම වරට පැවැති මෙම සමුළුව සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහය තුළින් ශ්‍රී ලංකා දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි ඉදිරි කටයුතු වැඩි දියුණු කිරීම

2024 ජනවාරි මස ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළත්, දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සාර්ථක ලෙස විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහයට අනුගත වීම සිදුවූ අතර, ඒ අනුව සමස්තයක් වශයෙන් දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සහභාගිවන්නන් ආචාර ධර්ම සහ ඵලදායී ක්‍රියාකාරීත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා වන පොදු මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කරනු ඇත. විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහය දේශීය විදේශ විනිමය වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමයේ සහයෝගයෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වන අතර, එය දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි සුවිශේෂී ප්‍රගතියක් සනිටුහන් කරයි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 ඔක්තෝබර්

ජංගම ගිණුම වෙත වූ ඉහළ ලැබීම් හේතුවෙන් 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සංචිතවල ඉහළ යෑමක් සහ ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණය වීමක් සිදු විය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව තුන්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 0.8ක අවධමනයට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ දී සියයට 2.1ක අවධමනයක් වාර්තා කළේය.

 

Pages