• The Central Bank of Sri Lanka Releases the Publication on Financial Statements and Operations for the Year 2025

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 99(2) හා 7(1)ඕ වගන්ති ප්‍රකාර ව ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025’ වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා විසින් අතිගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අද දින, එනම් 2026 අප්‍රේල් 20 වන දින පිළිගන්වන ලදි.  

    අන්තර්ගතය පිළිබඳ සටහන: 

  • The Central Bank of Sri Lanka Releases the Annual Economic Review for the Year 2025

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (2026 අප්‍රේල් 20) දින ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

    2025 වසර සඳහා වාර්ෂික ආර්ථික සමාලෝචනයේ ප්‍රධාන කරුණු පහත දැක්වේ:

  • Update on National Development Bank PLC

    නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි සිදු වූ අභ්‍යන්තර වංචාව හෙළිදරව් වීමෙන් පසු,  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ පිළිබඳව දිනපතා සමීපව නිරීක්ෂණය කරනු ලබයි.

  • SL Purchasing Managers’ Index (PMI) – March 2026

    2026 මාර්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    උත්සව සමයේ ඉහළ ඉල්ලුමත් සමග නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 66.7ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය සහ ඉන්ධන හිඟය, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ සැපයුම් සීමාවන් හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින්  සීමාකාරී නිෂ්පාදන වාතාවරණයක් පිළිබඳව වාර්තා කරන ලදී.

  • National Development Bank PLC - Subsequent Update on Internal Fraud

    නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී  තුළ සිදුවූ අභ්‍යන්තර වංචාව හෙළිදරව් වීමෙන් අනතුරුව, එම බැංකුවේ කටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

  • IMF Staff Reaches Staff-Level Agreement on the Combined Fifth and Sixth Reviews under Sri Lanka’s Extended Fund Facility Arrangement

    එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සඳහා 2026 වසරේ මාර්තු මස 26 දින සිට අප්‍රේල් මස 09 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. 

  • National Development Bank PLC - Internal Fraud

    නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවත්, ඒ මඟින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බවත්,  එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත. එසේම, මෙම වංචාව නිසා, කිසිදු ගණුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත.

  • External Sector Performance - February 2026

    2025 වසරේ නොවැම්බර් මාසයේ සිට පැවති මාසික විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවය තවදුරටත් පවත්වාගෙන යමින්, 2026 වසරේ පෙබරවාරි මාසයේ දී ද විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 487ක සමුච්චිත අතිරික්තයක් වාර්තා විය.

  • CCPI based headline inflation accelerated in March 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 මාර්තු මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 1.6ට සාපේක්ෂව 2026 මාර්තු මාසයේ දී සියයට 2.2ක් ලෙස වාර්තා විය.

  • Sri Lanka PMI - Construction expanded in February 2026

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 70.3ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයේ දී වාර්තා වූ ඉතා ඉහළ දර්ශක අගයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් මෙමගින් පිළිබිඹු වෙයි. ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ලැබීම සහ යහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බොහෝ ඉදිකිරීම් සමාගම් විසින් පෙබරවාරි මාසයේ දී ඉදිකිරීම් අංශයේ යහපත් තත්ත්වයක් වාර්තා කරන ලදී.

Pages