සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑමේ සහායෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය තවදුරටත් අඛණ්ඩව ශක්තිමත් විය.
-
External Sector Performance - November 2024
-
Sri Lanka Purchasing Managers’ Index (Construction) - November 2024
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී සුළු වේගයකින් වුවද වර්ධනයක් පිළිබිඹු කරමින් දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. මෙම මාසය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය සැලසුම් කළ වැඩ කටයුතු වලට යම් බාධා සිදු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
-
Exchange of International Sovereign Bonds under the Local Bonds Option for Eight (8) New LKR Treasury Bonds pursuant to the External Debt Restructuring (EDR)
2024 නොවැම්බර් 25 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වූ ආරාධනා පත්‍රය ("ආරාධනා සංදේශය") මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 දෙසැම්බර් 16 දින හුවමාරුව සඳහා කැමැත්ත තහවුරු කිරිමෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ලදී. (මෙහි භාවිතා කර ඇති යෙදුම් වෙනත් ආකාරයකින් නිර්වචනය කර නොමැති අවස්ථා වලදී ආරාධනා පත්‍රයේ එවැනි නියමයන් සඳහා අර්ථ දක්වා ඇති පරිදි වේ).
-
Relief Measures to Assist the Affected Small and Medium Enterprises
2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සැලසීමට නියමිත සහන අවධාරණය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2024.12.19 දින බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.
-
Provincial Gross Domestic Product (PGDP) - 2023
2023 වසරේ දී ද බස්නාහිර පළාත ආර්ථිකයට ප්‍රධානම දායකත්වය ලබා දී ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව ප්‍රතිශතාත්මකව සුළු අඩු වීමක් වාර්තා වී ඇත.
2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය (සියයට 43.7) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. කෙසේ වුවද, එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය විශේෂයෙන්ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. තවද, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්ව අනුපිළිවෙළින් වයඹ (සියයට 10.9) සහ මධ්‍යම (සියයට 10.3) පළාත් විසින් ලබාදෙන ලදී.
-
Progress on Combating Prohibited Schemes under Section 83(C) of the Banking Act No 30 of 1988, as amended
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන සීඝ්‍රයෙන් ඉහළයන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිගාමී පියවරයන් රැසක් ගෙන ඇත. පුද්ගලයන් හෝ ආයතනයන් බැංකු පනතේ 83ඇ(1) වගන්තියේ විධිවිධාන උල්ලංඝණය කර ඇත්තේද හෝ එසේ උල්ලංඝණය කිරීමට උත්සාහ කර ඇත්තේද යන්න තීරණය කිරීමට බැංකු පනතේ 83ඇ(3) වගන්තිය යටතේ විමර්ශන පැවත්වීම මෙම පියවරයන්ට ඇතුලත්වේ.
-
SL Purchasing Managers’ Index (PMI) – November 2024
2024 නොවැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී 53.3 ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලුම උප දර්ශක ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය.
-
The Central Bank of Sri Lanka holds its 13th International Research Conference
ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධානතම පර්යේෂණ සමුළුව වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දහතුන්වැනි වරටත් 2024 වසරේ දෙසැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. වර්තමානයේ පවතින විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම මෙම සමුළුවේ අරමුණ විය. විවිධ විෂය පරාසයන් නියෝජනය කරන පර්යේෂකයන්ගේ අදහස්, සොයාගැනීම් සහ අත්දැකීම් විවිධ මානයන් ඔස්සේ සාකච්ඡා කිරීමට මෙමගින් වේදිකාවක් සැපයිණි. කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන්, 2019 වසරෙන් පසුව ප්‍රථම වරට පැවැති මෙම සමුළුව සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
-
Shaping the future of Sri Lanka's domestic foreign exchange market with the FX Global Code
2024 ජනවාරි මස ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළත්, දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සාර්ථක ලෙස විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහයට අනුගත වීම සිදුවූ අතර, ඒ අනුව සමස්තයක් වශයෙන් දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සහභාගිවන්නන් ආචාර ධර්ම සහ ඵලදායී ක්‍රියාකාරීත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා වන පොදු මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කරනු ඇත. විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහය දේශීය විදේශ විනිමය වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමයේ සහයෝගයෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වන අතර, එය දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි සුවිශේෂී ප්‍රගතියක් සනිටුහන් කරයි.
-
External Sector Performance - October 2024
ජංගම ගිණුම වෙත වූ ඉහළ ලැබීම් හේතුවෙන් 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සංචිතවල ඉහළ යෑමක් සහ ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණය වීමක් සිදු විය.