අඛණ්ඩව දෙවන වසරටත් ජංගම ගිණුම වෙත වූ ඉහළ ලැබීම් සහ සංචිත ශක්තිමත් වීමත් සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය සැලකිය යුතු ලෙස වැඩි දියුණු විය.
-
External Sector Performance - December 2024
-
SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – December 2024
ඉදිකිරීම් අංශයේ අඛන්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතාවය ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙක් විසින් අවධාරණය කරන ලදී.
-
The Central Bank of Sri Lanka maintains the Overnight Policy Rate (OPR) at the current level
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි 28 වැනි දින පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. පෙර පුරෝකථනය කළ පරිදි දැනට පවතින අවධමන තත්ත්වය ප්‍රධාන වශයෙන් බලශක්තිය සඳහා වන පරිපාලිත මිල ගණන් පහළ යෑමෙහි ප්‍රතිඵලයක් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය. උද්ධමනයේ මෙම ප්‍රවණතාව ඉදිරි මාස කිහිපය තුළදී පවතිනු ඇති අතර, ඉන් අනතුරුව 2025 වසරේ දෙවන භාගය තුළදී උද්ධමනය අපේක්ෂිත මට්ටම කරා ගමන් කිරීම ආරම්භවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
-
Report on the Deviation of Headline Inflation from the Inflation Target Set Out in the Monetary Policy Framework Agreement
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කය, එම ගිවිසුමෙහි දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු දෙකක් තුළදී සපුරා ගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් වාර්තාවක් ගරු මුදල් අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එම වාර්තාව මහජනතාවටද ලබා ගත හැකි විය යුතුය. 2023 ඔක්තෝබර් මස 03 වැනි දින ගරු මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, උද්ධමන ඉලක්කය සියයට 5ක් වන අතර මහ බැංකු පනතේ 26(5) වගන්තිය සඳහා අදාළවන ආන්තිකය ප්‍රතිශතාංක ±2 ලෙස සඳහන් කරයි.
-
Notice to General Public on Prohibited Pyramid Schemes
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් පහත දක්වා ඇත.
-
SL Purchasing Managers’ Index (PMI) – December 2024
2024 දෙසැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී 57.2ක දර්ශක අගයක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මක ලෙස දායක විය.
-
Renewal of the Bilateral Currency Swap Agreement signed between the Central Bank of Sri Lanka and the People’s Bank of China
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරන ලදී. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය කෙරෙයි.
-
Central Bank of Sri Lanka launches the Digital Payments Promotion Campaign 2025
“ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු” යන තේමාව යටතේ 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2025 ජනවාරි 9 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, බැංකු, මූල්‍ය ආයතන සහ විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ මහජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.
-
Extension of the Suspension of Business of Perpetual Treasuries Limited
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.
-
CCPI-based headline inflation continued to remain in the negative territory in December 2024
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1ක අවධමනයට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසයේ දී සියයට 1.7ක අවධමනයක් වාර්තා කළේය.