• The Central Bank of Sri Lanka maintains policy interest rates at their current levels

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 සැප්තැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය.

  • Functioning of Banks on 23rd September 2024

    රජය විසින් 2024-09-23 දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් කරන ලද දැනුම් දීම පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිකුත් කරන ලද 2024-09-21 දිනැති විශේෂ ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙනි.

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - August 2024

    2024 අගෝස්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 අගෝස්තු මාසයේ දී  දර්ශකාංක 55.5ක් වාර්තා කරමින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩයිම් මට්ටමට වඩා ඉහළ අගයක් වාර්තා කරන ලදී.

  • Relaxation of the period applicable for exporters of goods to convert their export proceeds into Sri Lanka Rupees

    සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති" නිකුත් කරන ලද  අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

  • Central Bank of Sri Lanka Co-hosted the 5th CBSL-ADBI-APAEA Macroeconomics Conference

    ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2024 වසරේ සැප්තැම්බර් මස 06වන දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව සමසත්කාරකත්වය දැරීය. මෙම වසරේ සමුළුවේ තේමාව ‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවනතා’ (Inflation and Exchange Rate Dynamics in Asia and Pacific) ලෙස දැක්විණි.

  • CCPI based headline inflation decelerated sharply in August 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

  • Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2024’

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන වාර්ෂික ආර්ථික හා සමාජ සංඛ්‍යාන දත්ත නිකුතුව වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2024” මහජනතාවගේ පරිශීලනය සඳහා සිංහල භාෂාවෙන් දැන් නිකුත් කර ඇත.

  • External Sector Performance July 2024

    වෙළඳ හිඟයේ පුළුල් වීමක් පැවතිය ද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ ජූලි මාසයේ දී විදේශීය අංශයෙහි ශක්තිමත් බව අඛණ්ඩව පැවතුනි.

    වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ මේ දක්වා වාර්තා වූ ඉහළම මාසික වෙළෙඳ හිඟය වාර්තා කරමින් 2024 වසරේ ජූලි මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් විය.

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – July 2024

    ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේදී දර්ශකාංක 62.9 ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ ගියේය. ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු සඳහන් කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් බහුපාර්ශ්වික ආයතන මගින් අරමුදල් සපයන ව්‍යාපෘති දායක වී ඇත.

  • Land Valuation Indicator – First Half of 2024

    කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9 ක වැඩි වීමක් වාර්තා කරන ලදී. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 8.5ක, 8.5ක සහ 3.7ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් දායක වන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක 2024 වසරේ පළමු භාගයේ දී, 2023 වසරේ දෙවන භාගයේ දී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වී ඇත. තවද, වාණිජ සහ නේවාසික අනු දර්ශක වලට සාපේක්ෂව කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වැඩි වී ඇති බව නිරීක්ෂණය විය.

Pages