ශ්‍රී ලංකා මහ බැංකුව, රට තුළට ගලා එන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, ගරු මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානවලට අනුකූලව, තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදාගනිමින් විදේශයන්ගෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අවස්ථා උදාකරගැනීම පිණිස පෞද්ගලික අංශයට ඇරයුම් කර සිටියි.
මේ සම්බන්ධව, අක්වෙරළ ණය සඳහා විදේශ විනිමය අනුපාතය නිසා සිදුවන අවදානම ආවරණය (hedge) කිරීමට, ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලික අංශයේ ණය ලබාගන්නන් සඳහා ශුන්‍ය පිරිවැය හුවමාරු ගිවිසුම් පහසුකම සපයයි. මෙය ණය ලබාගන්නා කාල සීමාවට පවතින අතර එය වාර්ෂිකව සමාලෝචනය කර අළුත් කරනු ලැබේ.