අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෑත දී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්‍ය මුදල්වල (Virtual Currencies) ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳ ව මහජනයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන (Digital Tokens) අතථ්‍ය මුදල් ලෙස හදුන්වන අතර, පරිගණක තුළින් ජනනය කිරීම (Mining) මගින් හෝ, මුලික කාසි නිකුතුව (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ (Virtual Currency Exchanges) හරහා හෝ ලබා ගත හැකි ය. අතථ්‍ය මුදල් සාමාන්‍යයෙන් අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ලෙස ද හැඳින්වේ.
-
Public awareness on Risks in investing in Virtual Currencies in Sri Lanka
-
Central Bank commences the payment of increased compensation to the depositors of Failed Finance Companies
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද රුපියල් ලක්ෂ 5ක (රු. 500,000/-) වන්දි මුදල ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට ආරම්භ කර ඇත. එහි දී සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී. කේ. එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී., ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. යන ආයතනවල තැන්පතුකරුවන් / අදාළ නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත එම වන්දි මුදල් ගෙවනු ලැබේ.
-
The Central Bank of Sri Lanka continues its Accommodative Monetary Policy Stance
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් මස 07 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ, අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. අඩු උද්ධමන වාතාවරණයක් තුළ සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, අඩු පොලී අනුපාතික ව්‍යුහයක් පවත්වාගෙන යෑම සහ එමගින් ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා අඛණ්ඩව සහාය වීම සහතික කිරීම සඳහා මුදල් මණ්ඩලය කැපවී සිටියි.
-
Erroneous News Report on Debt Service Payments on account of Sri Lanka Development Bonds and Foreign Currency Loans from Domestic Banks
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සඳහා ආපසු ගෙවිය යුතු මුදල් පියවීම සැලසුම් සහගත ව ප්‍රමාද කිරීම පිළිබඳ සාවද්‍ය සහ සනාථ නො කළ වාර්තාවක් අද එක්තරා පුවත්පතක් ප්‍රකාශයට පත් කොට ඇති බව මහ බැංකුව විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන ලදී.
-
CCPI based Inflation increased to 4.1 per cent in March 2021
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 9.6 දක්වා ඉහළ ගියේ ය. එමෙන් ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේ ය.
-
The Central Bank of Sri Lanka enters into a Bilateral Currency Swap Agreement with the People’s Bank of China
දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිත කිරිමට හැකි වන පරිදිත්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).
-
NCPI based Inflation increased in February 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.
-
Increase of the Maximum Compensation Payment under the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme (SLDILSS)
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල මෙතෙක් පැවැති රුපියල් 600,000 සීමාවේ සිට රුපියල් 1,100,000 දක්වා රුපියල් 500,000 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මුල්‍ය සමාගම්වල බලපත්‍ර අවලංගු කළ හෝ අත්හිටවූ අවස්ථාවලදී එම ආයතනවල තැන්පතුකරුවන්ට උපරිම සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පසුගිය සමයේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (සී. අයි. එෆ්. එල්.), ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.එස්. සී. එෆ්. එල්.), ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.කේ.එස්.), ද ෆිනෑන්ස් කොම්පැණි පී.එල්.සී (ටී. එෆ්. සී.), ඊ.ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් (ඊ. ටී. අයි.) සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. (එස්. එෆ්. එස්.) යන මුල්‍ය සමාගම් හයෙහි (06) තැන්පතුකරුවන් සඳහා වන්දි මුදල් ගෙවීමේදී ද මෙම සංශෝධිත සීමාව අදාළ වනු ඇත.
-
Sri Lanka Purchasing Managers’ Index - February 2021
පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.
2021 පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 59.4ක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත් වූ අතර, නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ වර්ධනය මේ සඳහා හේතු විය. තවද, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්ති උප දර්ශක මෙන්ම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ යාමද සමස්ත දර්ශකය ඉහළ අගයක පැවතීමට හේතු විය.
සේවා අංශය තවදුරටත් වර්ධනය වීමක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 පෙබරවාරි මාසයේ දී 56.5ක් දක්වා ඉහළ ගියේය. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි දක්නට ලැබුණු ඉහළ යෑම් මෙම වර්ධනය සඳහා දායක විය.
-
Concessionary Scheme for Leasing Facilities Obtained by Businesses and Individuals Engaged in Passenger Transportation
මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මින් ඉදිරියට මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) වෙත දැනුම් දී ඇත.