• Investments by Licensed Banks in International Sovereign Bonds

    බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල කෙරෙන ආයෝජනයන් සම්බන්ධව, බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයට අඛණ්ඩව හානි කෙරෙන අයුරින් හා සමපේක්ෂණයන් දිරි ගැන්වෙන පරිදි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් සිදු කෙරෙන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට සහ ආයෝජක ප්‍රජාවට පහත සඳහන් තොරතුරු ලබා දීමට අපේක්ෂා කරයි.

    ආයෝජන අවස්ථාවන් සලසා දීම සහ විදේශ අරමුදල් මෙරටට ගලා ඒම තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින්, පහත සඳහන් දෑ ඇතුළත්ව අවදානම් කළමනාකරණය කිරීමේ සියලු ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් විදේශයන්ගෙන් රැස්කරගන්නා ලද අරමුදල් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල, සම සමව ආයෝජනය කිරීමේ අවසරය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ලබාදී ඇත.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

  • New Order issued under Foreign Exchange Act to Preserve the Foreign Exchange Position of Sri Lanka

    විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගරු මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් නිකුත් කරන ලද අතර එය 2021 ජූලි 02 දිනැති අංක 2234/49 දරන අති විශේෂ ගැසට් නිවේදනවල පළ කර ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2021 ජූලි 02 වනදා සිට ආරම්භ වන මාස හයක (06) කාල සීමාව සඳහා පහත දැක්වෙන අත්හිටුවීම්/සීමාකිරීම් ක්‍රියාත්මක වේ.

    සම්පුර්ණ ලිපිය

  • CCPI based Inflation increased to 5.2 per cent in June 2021

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මැයි මාසයේ පැවති සියයට 4.5හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 5.2 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 11.3 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 2.5 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මැයි මාසයේ පැවති සියයට 3.9හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේය.

  • Statement by Deshamanya Professor W D Lakshman, Governor of the Central Bank of Sri Lanka on Foreign Currency Liquidity in the Domestic Market

    පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණි. සමහර මාධ්‍ය විසින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තා තුළ අන්තර්ගත බරපතල සෘණාත්මක අදහස් රටට ඉතා හානිකර විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වෙයි.

  • NCPI based Inflation increased in May 2021

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 මැයි මාසයේ දී සියයට 6.1 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 9.7හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 10.3 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල්   මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 2.5 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 5.3හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 5.4 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 

  • External Sector Performance - April 2021

    ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ අප්‍රේල් මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ අප්‍රේල් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පුළුල් වූ අතර, සංචාරක අංශයේ ඉපැයීම් අඩු මට්ටමක පැවතුණි. 2020 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව, 2021 වසරේ අප්‍රේල් මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහ‍ළ අගයක පැවතුණ ද, 2021 වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී එම අගයයන් පහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, 2021 වසරේ අප්‍රේල් මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින්, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එහි වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය. මේ අතර, චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම මාසය තුළ දී ශක්තිමත් විය. අප්‍රේල් මාසයේ මැද භාගයේ ඇති වූ උච්චාවචනයන් හැරුණුකොට ශ්‍රී ලංකා රුපියල මාසය පුරාම සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

  • Sri Lanka Purchasing Managers’ Index - May 2021

    මැයි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

    COVID-19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ඇතිවූ අහිතකර බලපෑම් හේතුවෙන් මැයි මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී.

    COVID-19 වසංගතයේ තෙවන රැල්ල ක්‍රමයෙන් වර්ධනය වීමට සමගාමීව, 2020 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ අවම අගය වාර්තා කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 මැයි මාසයේ දී 39.5ක් දක්වා තවදුරටත් පහළ ගියේය.

  • Concessionary Scheme for Businesses and Individuals Affected by the third Wave of COVID-19

    කෝවිඩ්-19 ව්‍යසනයේ තෙවන ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමොගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වල (මින් ඉදිරියට බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, පහත සහනයන් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටිමින් 2021 අංක 06 දරන කෝවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම යන චක්‍රලේඛය නිකුත් කරන ලදි.

  • Provision of Banking Services Amidst the COVID-19 Outbreak

    කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ පොලිස්පතිගේ අනුමැතිය /එකඟතාවය ලබා ගැනීමෙන් අනතුරුව, සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා විධි විදාන තරයේ අනුගමනය කරමින් අත්‍යාවශ්‍ය බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට බලපත්‍රලාභී බැංකු වෙත මේවන විට උපදෙස් ලබා දී ඇත.

Pages