2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
-
Administrative Penalties imposed by the Financial Intelligence Unit on Reporting Institutions from July to September 2025
-
Provincial Gross Domestic Product (PGDP) - 2024
2024 වසරේ දී ද බස්නාහිර පළාත ආේිකයට ප්‍රධානම දායකත්වය ලබා දී ඇති අතර, අරනකුත් පළාත්වල සමස්ත දායකත්වය පසුගිය වසරට සාරේක්ෂව ඉහළ ර ාස් ඇත.
2024 වසගර් ශ්‍රී ලංකාගේ නාමික දළ ගේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය (සියයට 42.4) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. බස්නාහිර පළාගත් ගමම ඉහළ දායකත්වය විග ්ෂගයන්ම ගස්වා සහ කර්මාන්ත අං තුළ කැපී ගපනුණි. ගේ අතර, සමස්ත ද.ගේ.නි. සඳහා ගදවන සහ ගතවන ඉහළම දායකත්ව අනුපිළිගවළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් ලබා දී ඇත. තවද, මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරෙමුව සහ ඌව යන පළාත්වලින් නාමික දළ ගේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්ව 2023 ට සාගේක්ෂව 2024 දී ඉහළ ගිගේය.
-
IMF Executive Board Approves US$206 Million in Emergency Financial Support for Sri Lanka
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 150.5ක (ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පවතින කෝටාවෙන් සියයට 26කට සමාන, එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ) මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී. ජා.මූ. අරමුදල විසින් 2025 වසරේ දෙසැම්බර් 19 වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.
-
SL Purchasing Managers’ Index (PMI) – November 2025
2025 නොවැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 55.5ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලු උප දර්ශක ධනාත්මකව දායක වී ඇත.
-
Central Bank of Sri Lanka Conducts the International Research Symposium - 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 10 දක්වා දින තුන තුළ "සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය" යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව - 2025 පවත්වන ලදී. ආර්ථික පර්යේෂණ සහ අනුභාවික දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කෙරෙන පර්යේෂණ වැඩසටහන් තුනකින් මෙම සම්මන්ත්‍රණ මාලාව සමන්විත විය.:
-
Relief Measures to Assist Individuals and Businesses affected by the Recent Cyclonic and Flood Disasters by Licensed Banks
මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබා දීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදු වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබා දීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී.
-
CCPI based headline inflation remained unchanged in November 2025
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර මාසයට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණි.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.5හි සිට 2025 නොවැම්බර් මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.4ට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය.
-
External Sector Performance – October 2025
2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි ජංගම ගිණුම අඛණ්ඩව දෙවන මාසයටත් හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, 2025 වසරේ පළමු මාස දහය සඳහා මුළු ජංගම ගිණුම් අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇත.
2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගිය අතර, මෙයට ප්‍රධාන වශයෙන් ම ආනයනවල සැලකිය යුතු ඉහළ යෑම හේතු විය.
-
Sri Lanka PMI - Construction continued to expand in October 2025
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 64.3ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයේ දී වාර්තා වූ ඉහළම අගයට පසුව වාර්තා වූ මෙම ඉහළ අගය මගින් ඉදිකිරීම් කටයුතුවල තිරසාර ධනාත්මක දැක්මක් පෙන්නුම් කරයි.
-
The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස් ව පවත්වා ගැනීමට තීරණය කළේ ය. වෙනස්වන දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.








