එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ 2026 වසර සඳහා වන IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම සඳහා 2026 වසරේ සැප්තැම්බර් මස 10වන දින සිට 23වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. සංචාරය අවසානයේ දී ජා.මූ. අරමුදල විසින් 2026 වසරේ සැප්තැම්බර් මස 23වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.
-
IMF Staff Team Concludes Visit to Sri Lanka
-
Freezing Orders under the provisions of the Finance Business Act, No. 42 of 2011
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගණුදෙනු කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කර ඇත. ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් පහත වගුව 1 හි සඳහන් ආයතන සම්බන්ධයෙන් නිකුත් කර ඇති එම ක්‍රියාවිරහිත කිරීමේ නියෝග (Freezing Orders) තහවුරු කරමින්, එකී නියෝග තවදුරටත් දීර්ඝ කර ඇත.
-
Central Bank of Sri Lanka Hosts its Inaugural Reserve Management Conference in Colombo
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද සිය ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව 2026 සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින තුළ දී කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි. ප්‍රමුඛ පෙළේ මහ බැංකු නියෝජිතයින්, ස්වෛරිීත්ව වත්කම් කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ආයෝජන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම සමුළුවේ දී නිල විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග සහ අවස්ථා පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කෙරිණි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asia Infrastructure Investment Bank), ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank), ප්‍රංශ මහ බැංකුව (Banque De France), අන්තර්ජාතික පියවීම් බැංකුව (Bank for International Settlements), ඉන්දුනීසියානු මහ බැංකුව (Bank Indonesia), මැලේසියානු මහ බැංකුව (Bank Negara Malaysia), කොරියානු මහ බැංකුව (Bank of Korea), තායිලන්ත මහ බැංකුව (Bank of Thailand), අන්තර්-ඇමරිකානු සංවර්ධන බැංකුව (Inter-American Development Bank), ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India), ස්විට්සර්ලන්ත ජාතික බැංකුව (Swiss National Bank), ලෝක බැංකුව (World Bank) සහ ලෝක රන් කවුන්සිලය (World Gold Council) ඇතුළු ආයතන නියෝජනය කරමින් 50දෙනෙක් පමණ සමුළුව සඳහා සහභාගී වූහ.
-
SL Purchasing Managers’ Index (PMI) – August 2026
2026 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 53.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් මෙමගින් පෙන්නුම් කරයි. නිෂ්පාදන උප දර්ශකය හැර අනෙකුත් සියලුම උප දර්ශක අගයන් අගෝස්තු මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුණි.
-
CCPI-based headline inflation accelerated in August 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයෙහි උද්ධමනයේ සංඛ්‍යානමය පදනම බලපාන ලදී. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.5 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 7.7 දක්වා පහළ ගියේය.
-
External Sector Performance - July 2026
මැද පෙරදිග කලාපයේ ඇති වූ ප්‍රවණතාවල බලපෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූලි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කළ අතර, එය ජංගම ගිණුම මෙලෙස අඛණ්ඩව හිඟයක් වාර්තා කළ සිව්වන මස වේ. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී පැවති අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 387ක් ලෙස වාර්තා විය.
-
Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2026’
‘Economic and Social Statistics of Sri Lanka – 2026’, an annual release of socio-economic statistics of the Central Bank of Sri Lanka, is now available for public access. This is an online data release containing long series of data in an easily accessible and downloadable format, catering to the data requirements of various stakeholders.
-
Sri Lanka PMI - Construction expanded in July 2026
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජූලි මාසයේ දී දර්ශකාංක 61.4ක අගයක් දක්වා ඉහළ ගියේය. බිටුමන් (තාර) හිඟය වැනි අමුද්‍රව්‍ය සැපයීමේ බාධා පැවැතියද, ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
-
Land Valuation Indicator – First Half of 2026
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට 5.2කින් ද ඉහළ ගියේය. 2025 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙහි දී, 2025 වසරේ දෙවන භාගයේ දී වාර්තා කළ අගයන්ට සාපේක්ෂව නේවාසික සහ කාර්මික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.
-
SL Purchasing Managers’ Index (PMI) – July 2026
2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජූලි මාසයේ දී 55.0ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය.








