• CCPI based headline inflation remained in the negative territory in October 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 0.5ක අවධමනයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේ දී සියයට 0.8ක අවධමනයක් වාර්තා කළේය.

  • External Sector Performance - September 2024

    2024 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2023 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇත. වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ මේ දක්වා වාර්තා වූ ඉහළම මාසික වෙළෙඳ හිඟය වාර්තා කරමින් 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් විය.

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – September 2024

    ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 48.6ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් කටයුතුවල පහළ යෑමක් පෙන්නුම් කරයි. මැතිවරණ වාතාවරණය තුළ ඉදිකිරීම් කටයුතුවල සිදුවූ යම් ප්‍රමාදයන් හේතුවෙන්, සමස්ත ක්‍රියාකාරකම් වල සුළු පසුබෑමක් නිරීක්ෂණය කළ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් විසින් සඳහන් කරන ලදී.

  • An Explanatory Note on Central Bank of Sri Lanka's Open Market Operations (OMOs) and Money Printing

    විවට වෙළඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළවී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා වේ. මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය.

  • 46th SAARCFINANCE Governors’ Group Meeting

    කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම, සංගමයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන්, 2024 ඔක්තෝබර් මස 24 වැනි දින වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පවත්වන ලදී. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු, නියෝජ්‍ය අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගී වූහ.

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - September 2024

    2024 සැප්තැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

  • The Central Bank of Sri Lanka Releases the Financial Stability Review for the Year 2024

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70(1) වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ.

  • Strengthening Corporate Governance Practices in Licensed Banks

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 අංක 05 දරන බලපත්‍රලාභී බැංකු සඳහා ආයතනික යහපාලනය යන බැංකු පනත් විධාන 2024.09.30 දින නිකුත් කිරීම පිළිබඳ මෙයින් නිවේදනය කරනු ලැබේ. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මෙතැන් සිට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) ආයතනික යහපාලන ක්‍රියාවලීන් සහ භාවිතයන් ශක්තිමත් කර එමගින් නිසි වගකීමෙන් සහ වගවීමකින් යුතුව බැංකු ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම තුලින් බැංකු අංශයේ සහ සමස්ත මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව හා ශක්තිමත්බව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම විධාන නිකුත් කරන ලදී.

  • CCPI based headline inflation dipped into the negative territory in September 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 0.5ක අගයක් වාර්තා කළ අතර, මෙය 2015 සැප්තැම්බර් මාසයට පසුව උද්ධමනය ඍණ අගයක් (අවධමනයක්) පෙන්නුම් කළ පළමු අවස්ථාව වේ.

  • External Sector Performance August 2024

    පසුගිය මාසයට සාපේක්ෂව සංචාරක ඉපැයීම් අඩු වුවද, ඉහළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ අපනයනවල කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් 2024 වසරේ අගෝස්තු මාසයේ දී විදේශීය අංශය ධනාත්මක ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.

Pages