ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ඒ සඳහා සහාය ලබාදීමේ අරමුණින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
-
Asia Pacific Group on Money Laundering High-Level Visit to Sri Lanka Mutual Evaluation Preparation Briefing
-
External Sector Performance – February 2025
පෙර මාසයට සාපේක්ෂව ජංගම ගිණුම් අතිරික්තය සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ 2025 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය අඛණ්ඩව ශක්තිමත් විය.
-
CCPI in March 2025 signals easing of deflationary conditions
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආර්ථිකයේ අවධමන තත්ත්වය ලිහිල්වීම ඇරඹුණි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, අඛණ්ඩව හත්වන මාසයටත් අවධමන කලාපයෙහි පැවතුනද, 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.2ක අවධමනයට සාපේක්ෂව 2025 මාර්තු මාසයේ දී සියයට 2.6ක පහළ අවධමනයක් වාර්තා කළේය.
-
Sri Lanka PMI - Construction expands further in February 2025
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2025 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 55.6ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළ අතර, මෙම ප්‍රගතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා නව මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවතින අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කළහ.
-
Administrative Penalties imposed by the Financial Intelligence Unit (FIU) on Reporting Institutions from November to December 2024
2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සදහා දණ්ඩන පනවනු ලැබේ- අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
-
Relief Measures to Assist the Affected Small and Medium Enterprises
ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ඵලදායීව සහ ඒකාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛය සහ එයට අතිරේකයක් වශයෙන් 2025.01.01 දිනැති 2025 අංක 01 දරන චක්‍රලේඛය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී.
-
The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5ක ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා සහාය වනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.
-
Notice to General Public on Prohibited Pyramid Schemes
1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇත.
-
Shaping the future through Digital Transactions: Central Bank of Sri Lanka Promotes Digital Payments in the Nuwara Eliya District
2025 වසර සඳහා වන සිය මීළඟ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 මාර්තු මස 22 සහ 23 යන දෙදින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළියේදී පවත්වනු ලැබේ.
-
SL Purchasing Managers’ Index (PMI) – February 2025
2025 පෙබරවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.