අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස 2021 සැප්තැම්බර් 15 වන බදාදා කොළඹ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹුවේය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කරන ලදි. මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරනු ඇත.
-
Mr. Ajith Nivard Cabraal Takes Office as the Governor of the Central Bank of Sri Lanka
-
Initial statement by Governor Ajith Nivard Cabraal upon taking office on the 15th September 2021
නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම මා ලද භාග්‍යයක් වන අතර, මෙම වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය හා පැහැදීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. අපේ රටේ දහස් ගණන් ජනතාවගෙන් මට ලැබුණු සුබ පැතුම් ද මා බෙහෙවින් අගය කරනවා.
ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලන බවටත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවටත් මා ඒ සියලු දෙනාට ම සහතික වනවා.
එසේම, මහ බැංකුවේ සිටින දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම, මා නුදුරේදී ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ද මා අපේක්ෂා කරනවා.
-
External Sector Performance - July 2021
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් විය. 2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය වූ ප්‍රවණතාවයට අනුව යමින් ජූලි මාසයේ දී ද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක ඉපැයීම් ද අවම මට්ටමක පැවතුණි. මේ අතර, ණය සේවාකරණ ගෙවීම් සම්බන්ධයෙන් රට විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන වාර්තාව බිඳ නොහෙළමින්, ශ්‍රී ලංකාව විසින් 2021 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලර් බිලියන 1.0ක වටිනාකමකින් යුතු වසර 10ක කල්පිරීමක් සහිත වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව පියවන ලදී. 2021 වසරේ ජූලි මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව ශුද්ධ ගෙවීම් වාර්තා කළේය.
-
Margin Deposit Requirement against the Importation of Selected Non-Essential/Non-Urgent Goods made under Letters of Credit and Documents against Acceptance Terms with Licensed Commercial Banks and National Savings Bank
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්විමේදී තිරණය කළේය. ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත.
-
Concessions Further Extended for Businesses and Individuals Affected by COVID-19
කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්,එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර (එනම්, 2021.08.31 දින දක්වා) ලබා දී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) වෙත දැනුම් දෙන ලදී. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට වඩා නොඅඩු වන සේ, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබා දීමට සලකා බලන මෙන් බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටී.
-
Government of Sri Lanka calls for Request for Proposals for the Foreign Currency Term Financing Facility
මුදල් අමාත්‍යාංශයේ (MoF) වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) වෙබ් අඩවියෙහි පළ කර ඇති, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) පහත දිගු මගින් ලබා ගත හැක.
-
CCPI based Inflation increased to 6.0 per cent in August 2021
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.
-
Sri Lanka receives Special Drawing Rights (SDR) Allocation of International Monetary Fund (IMF) and the Initial Disbursements under the Currency Swap Arrangement with the Bangladesh Bank
2021 වසරේ අගෝස්තු මාසයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය වි.ගැ.හි වෙන් කීරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබුණි.
එ.ජ. ඩොලර් මිලියන 787කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු අතර, බංගලාදේශ බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එ.ජ. ඩොලර් මිලියන 150ක් ලැබුණි.
-
NCPI based Inflation increased in July 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 9.8හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.9හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජූලි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.
-
Use of Electronic Fund Transfer Cards (EFTCs) for Payments in Foreign Exchange
ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.
විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමු. කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව නිරීක්ෂණය කරන ලදි.