• Imposition of Administrative Penalties by the Financial Intelligence Unit (FIU) to Enforce Compliance on Financial Institutions during the Third Quarter of 2021

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජූලි 01 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 2.0 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

  • CCPI based Inflation increased to 7.6 per cent in October 2021

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 ඔක්තෝබර්  මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 12.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.8හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

  • Central Bank Issues New Rules on Conversion of Export Proceeds

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රීතින් අවලංගු කරමින්, 2021 ඔක්තෝම්බර් 28 දිනැති අංක 2251/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති පරිදි නව රීති නිකුත් කරන ලදි. නව රීති ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනකරුවන් හා සේවා අපනයනකරුවන් යන දෙපිරිසටම අදාළ වේ.

  • Establishing an Advisory Committee for Revival of Failed Licensed Finance Companies

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප පිළිබඳ සොයා බැලීම පිණිස උපදේශන කමිටුවක් පිහිටුවා ඇත. 

    ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් හතර දෙනෙකුගෙන් කමිටුව සමන්විත අතර සීමාසහිත සී බී සී ෆිනෑන්ස් ලිමිටඩ්හි සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති ධර්ම ධීරසිංහ මහතා විසින් එහි සභාපතිත්වය දරනු ලබයි. ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ මහතා; මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටිෂාන් සුබසිංහ මහතා සහ වරලත් ගණකාධිකාරීවරුන් වන අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු (විගණනය සහ සහතික කිරීම්) ත්‍යාගරාජා ධර්මරාජා මහතා කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

  • CBSL Successfully Completes the Process of Developing and Testing a Blockchain Technology based Shared Know-Your-Customer (KYC) Proof-of-Concept (POC)

    බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය (Shared Know-Your-Customer- (KYC)) සඳහා සංකල්ප සාධනය (Proof of Concept (POC))  පිළිබඳ  වාර්තාව 2021 ඔක්තෝබර් මස 25 වන දින ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනිය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාව සඳහා මහ බැංකු කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර,  සංකල්ප සාධන පරීක්ෂණ සඳහා දායක වූ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු අනිකුත් නිලධාරීන් මෙන් ම සංකල්ප සාධනය සංවර්ධනය සඳහා දායක වූ කණ්ඩායම් ද අන්තර්ජාලය හරහා සහභාගී විය. 

  • Ill-Timed and Unacceptable Rating Action by Moody’s Renews Concerns of Subjectivity

    මූඩීස් ආයෝජන සේවාව විසින් මෑතක දී සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීම සහ එය පාදක කොට ගෙන සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා රජය දැඩි අප්‍රසාදය පළ කරයි. මෙම ක්‍රියාවලිය, මෙයට මාස තුනකට පෙර මේ ආකාරයට ම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම සඳහා සමාලෝචනයකට යටත් j පවත්වා ගැනීමෙන් අනතුරු ව සිදු කර ඇත. නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම වැදගත් සිදු වීමකට දින කිහිපයකට පෙර, එනම් 2022 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිදු වීම තුළින් ඔවුනට ඇති අනවශ්‍ය ඉක්මන්භාවය පෙන්නුම් කරන අතර ම, රජයේ මූල්‍යන සැලසුම්වලට අයවැයේ ස්වභාවය අදාළ නො වන බවට මූඩීස් විශ්ලේෂකයින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවල දී ඔවුන්ගෙන් ප්‍රකාශ වූ මතය පැහැදිලි ව ම එවැනි විශ්ලේෂකයින්ගේ පවත්නා අනවබෝධය විදහා දක්වයි.

  • Beware of Financial Scams

    විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම්වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් එම ගිණුම් තාවකාලික ව අත්හිටුවා ඇති බවත්  දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක්  සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඇතැම් අවස්ථාවල දී  එම වංචාකරුවන්  විශාල මුදල් ප්‍රමාණයක් විවිධ ගිණුම් වෙත බැර වී  ඇති බව දැක්වෙන  ව්‍යාජ ලේඛන පෙන්වා සිටින අතර  ඔවුන්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීම පමණක් අවශ්‍ය වන බව පවසනු ලබයි.

  • LANKAQR Nationwide Rollout Campaign

    මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්ඳන් සහ පාරිභොගිකයන් අතර LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ අරමුණින් LANKAQR ජනගතකරණ වැඩසටහනක් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලදී. 

  • Progress of Securing Foreign Exchange Inflows as announced in the Six-Month Road Map for Ensuring Macroeconomic and Financial System Stability

    සාර්ව ආර්ථික  සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර  දැක්මෙහි  ප්‍රකාශයට පත් කළ පරිදි, විදේශ  විනිමය ලැබීම්  සුරක්ෂිත  කිරීම සම්බන්ධයෙන්  මහ බැංකුව  සහ රජය ලබා  ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා  මහ බැංකුව  පහත සඳහන් තොරතුරු  ආයෝජකයින්  සහ සාමාන්‍ය  ජනතාව වෙත  ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව  සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.

  • Meeting between the Governor of the Central Bank of Sri Lanka (CBSL) and Governor of Qatar Central Bank (QCB)

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කටාර් මහ බැංකුවේ අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය.

Pages