වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 525ට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා පහළ ගියේය. මාසික අපනයන ඉපැයීම් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්ම වූ අගයන් වාර්තා කළ අතර, ආනයන වියදම් 2020 වසරේ සැප්තැම්බර් මාසයට බොහෝසෙයින් සමාන මට්ටමක පැවතුණි. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම්වල වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පෙන්නුම් කළේය. චීන සංවර්ධන බැංකුවේ ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුමේ ඉතිරි මුදල් ප්‍රමාණය ලැබීමත් සමඟ මෙම මාසය තුළ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මේ අතර, වරායෙන් එතෙක් නිදහස් කර නොගත් අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ තොග නිදහස් කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් ක්‍රියාමාර්ග සහ විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් ලබා දුන් මාර්‌ගෝපදේශ මගින් අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මෙම මාසය තුළ අතිප්‍රමාණය වී ස්ථාවර විය.
-
External Sector Performance - September 2021
-
Speculation that worker remittances will be forcibly converted into Sri Lankan Rupees under the proposed Securitised Financing Arrangement (SFA) is completely unfounded
සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල (Securitised Financing Arrangement-SFA) සම්බන්ධයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම (Request for Proposals-RFP) මගින් බලපත්‍රලාභී බැංකු වලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීම අරමුණු කර ගෙන ඇති බවට පදනම් විරහිත අනුමානයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලැබේ.
මෙම කටකතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රකාශයට පත් කරයි.
-
Securitised Financing Arrangement for the Government of Sri Lanka
Sri Lanka receives around United States Dollars (USD) 7,000 million in workers’ remittances annually. On the strength of this steady foreign currency inflow, the Government of Sri Lanka (GOSL) intends to raise medium-term foreign currency financing, by securitising foreign currency receipts of the Central Bank of Sri Lanka (CBSL) under the mandatory sale of 10 per cent of workers’ remittances converted into Sri Lankan Rupees by licensed banks. Since the introduction of this mandatory sale requirement on 28 May 2021, an average of USD 25 million per month has been accumulated under this arrangement by the CBSL. With recent focused efforts to strengthen remittance flows by the CBSL in collaboration with stakeholder agencies, such inflows are expected to increase in the coming years.
The proposed Securitised Financing Arrangement (SFA) would be denominated in USD, Euro, Chinese Renminbi (RMB), Japanese Yen (Yen), or in any Gulf Cooperation Council (GCC) currency. The SFA is expected to be raised at a fixed or a floating rate for a medium-term tenure. Repayment can be in bullet or in tranches, or on a reducing balance linked to the securitised arrangement, while interest can be paid periodically, as mutually agreed. The proceeds of the SFA will be used for the purposes of financing the expenditure as approved in the Annual Budget of the GOSL.
-
The Central Bank publishes “Recent Economic Developments: Highlights of 2021 and Prospects for 2022”
ශ්‍රී ලංකා මහ බැංකුව "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2021 සුවිශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා" ප්‍රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම බාගත කළ හැකිය.
"මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2021 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත නිරීක්ෂණය, 1වන පරිච්ඡේදයේ ඇතුලත් වන විශේෂ සටහන් සහ එහි පළවී ඇති තොරතුරු රූපසටහන පහත දැක්වේ.
-
Future Benefits for Sri Lankan Expatriates Working Abroad to be Linked to Quantum of Remittances
විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට සිදු කරන ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන වැදගත්ම ප්‍රවාහයක් වි ඇති අතර, පසුගිය වසර 5 තුළදී එහි වාර්ෂික සාමාන්‍ය වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 7 ඉක්මවයි. රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත දැක්වු විදේශීය ණය නොවන ආකාරයේ විදේශ විනිමය ගලා එ්ම් වල වැදගත්කම හා ස්ථාවරභාවය සැළකිල්ලට ගනිමින් විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවට ද එකී ප්‍රේෂණ වලින් උපරිම ප්‍රතිලාභ ලඟා කර ගැනිම තහවුරු කරනු වස් වැදගත් පියවර රැසක් ගනිමින් සිටියි.
-
New rules to convert export proceeds will result in multiple benefits to the country and have no impact on inward remittances by Sri Lankans working abroad
කොවිඩ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්වී ඇති ශ්‍රී ලංකාව, සාර්ව-ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා යොමු වූ මාවතකට අවතීර්ණ වී ඇත. වසංගතය හේතුවෙන් රටට විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ලෙස අහිමි වුව ද, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය මූල්‍ය, මුදල් සහ මහජන සෞඛ්‍ය ආදී විවිධ පැති තුළින් සපයන ලද පෙර නොවූ විරූ සහයෝගය, ආර්ථිකය මෙන්ම විදේශ විනිමය උපයන ඇතැම් අංශ ශක්තිමත් ලෙස නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා උපකාරී වී තිබේ. ඉදිරි කාලපරිච්ඡේදය තුළ සංචාරක අංශය ද කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විධිමත් මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ගලා ඒම වැඩිදියුණු කිරීමට ඒකාබද්ධ උත්සාහයන් ගනු ලැබේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළේ මෑතකාලීන ආතතීන්, ආර්ථිකය විවිධ ආකාරයේ කම්පනයන්ට නිරාවරණය කෙරෙන විදේශ ණය ගැනීම් වැඩි කිරීමට සාපේක්ෂව, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය ඉපැයීම් මත යැපීම ක්‍රමානුකූලව වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.
-
Moratoria to COVID-19 affected businesses and individuals has exceeded Rs.4,000 billion: Saubagya loans amount to over Rs.179 billion
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් විය.
සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්, පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත.
-
Writ Application against Governor Ajith Nivard Cabraal dismissed by the court of Appeal
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොනු කළ රිට් පෙත්සම (CA Writ 417/2021) අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, කිසිදු නඩු නිමිත්තක් නොමැතිවීමේ පදනම මත අභියාචනාධිකරණය විසින් එම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.
අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති අපේක්ෂකයකු වූ ආරියවංශ දිසානායක විසින් ගොනු කළ රිට් පෙත්සමද, ඔහු විසින් පසුගිය සතියේ ඉල්ලා අස්කර ගනු ලැබීය.
-
Establishment of Foreign Remittances Facilitation Department of the Central Bank of Sri Lanka
ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටේ විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි. පසුගිය දශක දෙක තුළ දී වාර්ෂික වෙළෙඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලා ඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වේ.
-
Imposition of Administrative Penalties by the Financial Intelligence Unit (FIU) to Enforce Compliance on Financial Institutions during the Third Quarter of 2021
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජූලි 01 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 2.0 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.