ප්‍රාදේශීය කාර්යාලය - මාතලේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද “ආහාර බෝග මගින් උද්‍යාන අලංකරණය” පිළිබඳ තාක්ෂණ හුවමාරු පුහුණු වැඩමුළුව, 2018 ජුනි 12 සහ 13 යන දිනවල මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. කලාපයේ අඩු ආදායම්ලාභීන් 53 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද 'අලෙවිකරණය' පිළිබඳ කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුව 2018 ජුනි 07 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් 20 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ ලාභදායී මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 29වන දින හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. සමෘද්ධි ප්‍රතිලාභීන් 107 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය.

 


ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද "කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජුනි මස 26 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. බැංකුකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් 158 ක් මෙම වැඩසටහනට සහභාගි වූහ.

 

මහනුවර, කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩසටහන 2018 ජූලි මස 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

Pages