අලෙවිකරණය පිළිබඳ කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද 'අලෙවිකරණය' පිළිබඳ කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුව 2018 ජුනි 07 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් 20 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය.