ප්‍රාදේශීය කාර්යාලය - මාතලේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය මඟින් සංවිධානය කළ “බතික් නිෂ්පාදනය” පිළිබඳ තාක්ෂණ හුවමාරු පුහුණු වැඩසටහන මාතලේ ප්‍රාදේශිය කාර්යාල පරිශ්‍රයේදී  සාර්ථක ලෙස පැවැත්විණි. මෙම පුහුණු වැඩසටහන 2018 නොවැම්බර් මස 05 දින සිට 2018 නොවැම්බර් මස 16 දින දක්වා දින 05ක් තුල ව්‍යවසායකයින් 30 දෙනෙක් සඳහා පවත්වන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේත්තුව එක්ව සංවිධානය කරන ලද “මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 24 දින මාතලේ ප්‍රාදේශිය කාර්යාල ශ්‍රවනාගාරයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මේ සඳහා ප්‍රදේශයේ බැංකු නොවන මූල්‍ය ආයතනවල නිලධාරීන් 90 දෙනෙක් සහභාගී විය.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය මඟින් සංවිධානය කළ "අත්වැල" වෙළෙඳ ප්‍රදර්ශනය හා වෙළෙඳපොළ ප්‍රවර්ධන වැඩසටහන මාතලේ ප්‍රාදේශිය කාර්යාල පරිශ්‍රයේදී 2018 නොවැම්බර් මස 23 සහ 24 දිනයන්හීදි මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ව්‍යවසායකයින් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පැවැත්විණි.

 

 

 

 

 

ප්‍රදේශයේ දිළිඳු බව තුරන් කර ආදායම් උත්පාදනය වැඩි කිරීම සඳහා බුරුසු නිෂ්පාදන පුහුණු හා වෙළඳපොළ සම්බන්ධිකරණ වැඩසටහනක් 2020 ජනවාරි මස 17, 18 හා 19  දිනවල රත්තොට ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි. අඩු අදායම්ලාභීහු 25 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූහ. ගෘහස්ත කර්මාන්තයක් ලෙස කරගන යාහැකි මෙම බුරුසු නිෂ්පාදන ක්‍රියාවලියේ දී අපනයන තත්වයේ නිෂ්පාදන ලන්ක්ට්‍රාඩ් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් විසින් මිලදී ගැනීමට එකඟව ඇත. සෙසු බුරුසු නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොළේ  ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය හා පොල් සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Pages