ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය මඟින් සංවිධානය කළ “බතික් නිෂ්පාදනය” පිළිබඳ තාක්ෂණ හුවමාරු පුහුණු වැඩසටහන මාතලේ ප්‍රාදේශිය කාර්යාල පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මෙම පුහුණු වැඩසටහන 2018 නොවැම්බර් මස 05 දින සිට 2018 නොවැම්බර් මස 16 දින දක්වා දින 05ක් තුල ව්‍යවසායකයින් 30 දෙනෙක් සඳහා පවත්වන ලදි.








