Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2022 අප්‍රේල් 11 සහ 12 යන දිනවල බැංකුවල ක්‍රියාකාරිත්වය

බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ. 

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2022 අංක 03 (සවිස්තරාත්මක ව)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි පදනම් අංක 700කින් පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේ ය. සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළ දී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩ නැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන් ම, වෙළෙඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සැලකිය යුතු ලෙස දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 700 බැගින්, පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා, 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට තීරණය කළේය. සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළදී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩනැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

සම්පුර්ණ ලිපිය

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අ‍‍ධිපති ලෙස සිය රාජකාරි කටයුතු අර‍ඹයි

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වන අධිපතිවරයා ලෙස සිය ධූරයේ රාජකාරි කටයුතු ඇරඹුවේ ය. ආචාර්ය වීරසිංහ මහතා මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ අත්දැක‍ීමක් සතු මහ බැංකු වෘත්තිකයෙකි.  ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී 2011 සැප්තැම්බර් 27 වන දින  නියෝජ්‍ය අධිපති පදවියට පත් වූ අතර, අනතුරු ව 2012 සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස සිය ධුරයේ කටයුතු ඇරඹී ය. ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ආචාර්ය වීරසිංහ මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.  

2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දැමීම

2022 අප්‍රේල් මස 05 වන දින පෙ. ව. 07.30ට දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 03 දරන   මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන ලදී. ඒ අනුව 2022 අප්‍රේල් 05 වන දින පැවැත්වීමට සැලසුම්කොට තිබූ මාධ්‍ය සාකච්ඡාව ද කල් දමන ලදී. මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරන දිනය සහ මාධ්‍ය සාකච්ඡාව පැවත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි  අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති  විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගන්නා ලදී. 

Pages