ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 84.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 85.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 57.1හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 62.8 දක්වා ඉහළ ගියේය.















මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් ඇමතිතුමාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ .එම්. ඒ. එන්. දවුලගල මහත්මිය 2022 ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.