ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවල වැදගත්කම  |  විදේශ ප්‍රේෂණ ජංගම යෙදුමක් සංවර්ධනය කිරීම  |   ශ්‍රී ලාංකික විදේශගත සේවා නියුක්තිකයන් සඳහා යෝජිත දිරිගැන්වීම්  |  සංඛ්‍යාලේඛන  |    විදේශ රැකියා සම්බන්ධ රාජ්‍ය හා වෙනත් ආයතනවල අන්තර්ජාල සබැඳි සහ සම්බන්ධීකරණ තොරතුරු

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 

ශ්‍රී ලාංකික විදේශගත සේවා නියුක්තිකයන් සඳහා යෝජිත දිරිගැන්වීම්

විදේශගත සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රවාහ අඛණ්ඩව ලැබීමේ වැදගත්කම සැළකිල්ලට ගනිමින්, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රමිකයන්ට මෙන්ම රටට ද ප්‍රයෝජනවත් වන පරිදි, විදේශ විනිමය ප්‍රේෂණවල ළඟාකර ගත හැකි උපරිම මට්ටම ලබා ගැනීම සහතික කරගැනීම සඳහා පියවර ගනිමින් සිටී. 

ශ්‍රී ලාංකික විදේශගත සේවා නියුක්තිකයන් සඳහා යෝජිත දිරිගැන්වීම්

අනෙකුත් අදාළ බලධාරීන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව විදේශ සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය වැඩි දියුණු කිරීම සඳහා නව යෝජනා ක්‍රම හඳුන්වාදීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහ බැංකුව පුළුල් ලෙස සම්බන්ධ වනු ඇත. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ රැකියා අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙන්ම බැංකු අංශය සහ අනෙකුත් සියලුම අදාළ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව විදේශගත සේවා නියුක්තිකයන් සඳහා වන දිරිගැන්වීමේ යෝජනා ක්‍රම හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. ඉහත කී දිරි ගැන්වීමේ ක්‍රමවේදයට විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් සඳහා වන විශ්‍රාම වැටුපක් මෙන්ම අඩු පොලී ණය ලබා දීම ඇතුළු බැංකු පහසුකම් සහ වඩා වැඩි අගයෙන් යුත් තීරු බදු සහන ලබා දීම යනාදී අංගයන් ඇතුලත් වේ.