ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවල වැදගත්කම  |  විදේශ ප්‍රේෂණ ජංගම යෙදුමක් සංවර්ධනය කිරීම  |  ශ්‍රී ලාංකික විදේශගත සේවා නියුක්තිකයන් සඳහා යෝජිත දිරිගැන්වීම්  |  සංඛ්‍යාලේඛන  |   විදේශ රැකියා සම්බන්ධ රාජ්‍ය හා වෙනත් ආයතනවල අන්තර්ජාල සබැඳි සහ සම්බන්ධීකරණ තොරතුරු

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 

විදේශ ප්‍රේෂණ ජංගම යෙදුමක් සංවර්ධනය කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 පෙබරවාරි මාසයේදී “Lanka Remit” විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම දියත් කරන ලදී. ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලා ඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට පියවර ගනිමින් සිටී. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් මෙම “Lanka Remit” ජංගම යෙදුම වැඩි දියුණු කර ඇත. 

“Lanka Remit” විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම තුළින්, විදෙස්ගත රැකියාවල නියුතු ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයින්ට දැනට පවත්නා විදේශ විනිමය ප්‍රේෂණ හුවමාරු මාර්ග වලට ඍජුවම ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන අතර ශ්‍රී ලංකාවට තම මුදල් එවීමේදී වඩාත් පහසු සහ ලාභදායී විදේශ විනිමය හුවමාරු මාර්ග තොරාගැනීමට ද පහසුකම් සලසයි.

“Lanka Remit” හරහා ප්‍රේෂණ පහසුකම් සලසන්නන් ලෙස ලංකා බැංකුව (Bank of Ceylon), මහජන බැංකුව (People’s Bank), සම්පත් බැංකුව (Sampath Bank PLC), හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank PLC), ජාතික ඉතිරිකිරීමේ බැංකුව (National Savings Bank), කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (Nations Trust Bank PLC), ජාතික සංවර්ධන බැංකුව (National Development Bank PLC), කාගිල්ස් බැංකුව (Cargills Bank Limited), මොබිටෙල් (පුද්ගලික) සමාගම (Mobitel Private Limited) සහ ඩයලොග් ආසියාටා (Dialog Axiata PLC) යන ආයතන දැනටමත් සම්බන්ධ වී සිටින අතර යථා කාලයේදී අනෙකුත් ප්‍රේෂණ පහසුකම් සලසන ආයතන මෙය සමඟ සම්බන්ධ වීමට නියමිතය.

විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුමෙහි,  ස්වයං පරිශීලක ලියාපදිංචිය, ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මුල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවට මුදල් එවීමට සහ ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකු ගිණුමකට/ජංගම පසුම්බියකට ක්‍ෂණිකව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළත්ව තිබේ. මෙයට අමතරව, සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම, ආකර්ෂණීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම සහ අඩු ගණුදෙනු පිරිවැයක් සහිත වීම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක්ද මෙම යෙදුමට ඇතුළත් වේ.