ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවල වැදගත්කම  |  විදේශ ප්‍රේෂණ ජංගම යෙදුමක් සංවර්ධනය කිරීම  |  ශ්‍රී ලාංකික විදේශගත සේවා නියුක්තිකයන් සඳහා යෝජිත දිරිගැන්වීම්  |  සංඛ්‍යාලේඛන  |  විදේශ රැකියා සම්බන්ධ රාජ්‍ය හා වෙනත් ආයතනවල අන්තර්ජාල සබැඳි සහ සම්බන්ධීකරණ තොරතුරු

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවල වැදගත්කම

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ලැබීම්වල ප්‍රධාන ම මූලාශ්‍රයක් වී ඇති අතර, එය පුළුල් වන වෙළඳ හිඟය අවම කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සිදු කරමින් රටෙහි විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා හේතු වී ඇත. විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස විදේශගත සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පසුගිය දශක දෙක පුරා සාමාන්‍යයක් වශයෙන්, වෙළඳ ගිණුමේ හිඟයෙන් සියයට 80ක් පමණ ආවරණය කර ඇති අතර 2020 වසරේදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වෙළඳ හිඟය ඉක්මවා ඇත.  

තවද, බොහෝ වෙළෙඳ භාණ්ඩ අපනයනයේදී මෙන් නොව, මෙම විදේශ විනිමය ඉපයීමේ ප්‍රභවයට සම්බන්ධ ආනයන අන්තරගතයක් නොමැත. එබැවින්, රට තුළට විදේශ විනිමය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් කිරීම සාර්ව ආර්ථික හා සමාජ ආර්ථික ප්‍රතිලාභ කිහිපයක් ගෙන ඒමට හේතු වේ. ප්‍රධාන වශයෙන්, ගෙවුම් ශේෂයේ (BOP) ජංගම ගිණුමේ හිඟය අඩුවීම , ආර්ථික වර්ධනයට දායක වීම, බැංකු පද්ධතිය තුළ ඇති විදේශ විනිමය ද්‍රවශීලතාව වැඩි දියුණු වීම, දරිද්‍රතාවය පිටුදැකීම, ආදායම් විෂමතා හා කලාපීය විශමතා අවම වීම සහ සමාජ ආරක්ෂණ ගෙවීම් මත සිදුකරන රාජ්‍ය මූල්‍ය පිරිවැය අවම වීම යනාදිය මෙම සාර්ව ආර්ථික හා සමාජ ආර්ථික ප්‍රතිලාභ වලට ඇතුළත් වේ. 

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒම පහසුකිරීම සහ විධිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021.11.03 දින විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. මෙම දෙපාර්තමේන්තුව විසින් රට තුළට ගලා එන විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීමට සහ ශ්‍රමික සංක්‍රමණයේ සහ ප්‍රේෂණවල නියැලී සිටින අනෙකුත් බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් සංක්‍රමණික සේවක සුභසාධනය නංවාලිම සඳහා උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කෙරේ.

ඇමතුම් තොරතුරු

දුරකථනය        : 0112477426
ෆැක්ස්              : 0112477477
විද්‍යුත් තැපෑල:  :
ලිපිනය             : 15 මහල, කුළුණ 3, ශ්‍රී ලංකා මහ බැංකුව

 

විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවෙ හි ප්‍රධාන කාර්යයන්ට ඇතුළත් වන්නේ;

  1. දිරිගැන්වීම් යෝජනා ක්‍රම හඳුන්වාදීම මගින් විධිමත් මාර්ග හරහා ප්‍රේෂණ ගලා ඒම දිරිමත් කිරීම.
  2. විදේශ ප්‍රේෂණ රට වෙත ගලා ඒම වැඩි දියුණු කිරීම සඳහා අදාළ නියෝජිත ආයතන හරහා සංක්‍රමණ ගමනාන්ත සහ රැකියා කාණ්ඩ විවිධාංගීකරණය කිරීමට පහසුකම් සැලසීම.
  3. විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මගින් දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසෙන පුද්ගලයින් සඳහා විවිධ කාණ්ඩ යටතේ විදේශ රැකියා ඉපැයීම් සඳහා පහසුකම් සැලසීම.
  4. අදාළ දේශීය හා විදේශීය බලධාරීන් සමඟ සම්බන්ධ වීමෙන් රැකියා අවස්ථා උත්පාදනය සඳහා පහසුකම් සැලසීම.

 

 

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (PFCAs) සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත කරනු ලබන විධානයන් 

2021 අංක 04 දරන විධානයන්

ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (BFCAs) සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත කරනු ලබන විධානයන්

2021 අංක 05 දරන විධානයන්
2021 අංක 24 දරන විධානයන්
2021 අංක 27 දරන විධානයන්