ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවැති සියයට 7.3ට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4ක් දක්වා පහළ ගියේ ය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙන් ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම ද හේතු විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7 සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා පහළ ගියේ ය.